Home statement චීනෙන් "cash " චෙක් එකක් : කවුද ඇමති ?
චීනෙන් "cash " චෙක් එකක් : කවුද ඇමති ?
By Sri Lanka Guardian • January 18, 2011 • asia gallery statement • Comments : 0
විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් අප වෙත මීට සුළු මොහොතකට පෙර එවූ පුවත් නිවේදනය ලංකාවේ දේශපාලන බොරුව වඩාත් හොඳින් දක්නට ලැබෙන එකකි. නිවේදනයට අනුව ඇමති ජි. එල් පිරිසට චීනයෙන් මුදල් ආධාරයක් ලැබී ඇත. ඔහුගේ නිවේදනයට අනුව එය ඔහු ලබාගත් බවත් එම අවස්ථාවට බැසිල් රාජපක්ෂ මහතා සහභාගී වූ බවත් සඳහන් වේ. නමුත් ඔහු අප වෙත ඒවා ඇති සේයාරුවෙන් පෙන්වන්නේ වෙනත් කතාවකි. ඊට අනුව බැසිල් රාජපක්ෂ අදාල මුදල් ආධාරය ලැබී ඇති ආකාරයත් ඒ දේස බොහෝ කරුණාබර උපේක්ෂාවෙන් හිස් අතින් බලා සිටින මහාචාර්ය තුමාත්ය. එසේ නොමැතිනම් බැසිල් රාජපක්ෂගේ නම ජි. එල් ලෙස වෙනස් කළේද? ආරංචි මාර්ග වලට අනුවනම් ආණ්ඩුවේ පුවත්පතෙහිවත් නම් වෙනස් කිරීම් ගැන තීරුවේ අදාල කාරණය පල වී තිබුනේ නැත. නමුත් මෙම සේයාරුව ලංකාවේ දේශපාලනයේ ඇත්ත මානව පැහැදිලි කරන සාධකයකි . ඇමතිතුමෝ! දනින් වැටී ජීවත් වෙනවාට වඩා කෙලින් සිටගෙන මිය යෑම සැපයකි.
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment