ළමුන්ට ආදරේ නමි කන්ටෙිනරය වහා නිදහස් කරනු

මලයාසියාවේ වෙසෙන බූතවත්තේ සරණංකර හිමියන් විසින් පාසල් දරුවන් සඳහා පාසල් උපකරණ පොත් පත් හා සපත්තු සහිත මහනුවර දළදා මාලිගය වෙත එවන ලද කන්ටේනරය රේගුවෙනනිදහස් කර ගැනීම සඳහා පරිත්‍යාගශීලී දානපතියන්ගෙන් උපකාර අවශ්‍ය බව ජාතික භික්ෂු පෙරමුණේ ප‍්‍රධාන අනුශාසක, ශ‍්‍රී ලංකා රාමඤ්ඤ මහනිකායේ උපරිමාධිකරණ විනිසුරු හා ප‍්‍රතිපත්ති සංවර්ධන සභාවේ නියෝජ්‍ය ලේඛකාධිකාරී මහාචාර්යය පූජ්‍ය අත්තංගනේ රතනපාල නාහිමියන් නිවේදනයක් නිකුත් කරමින් ප‍්‍රකාශ කරති.