ගංවතුරට මුවාවී ආණ්ඩුව ඡන්දය කල්දැමීමේ සූදානමක


ගම්වල තත්ත්වය භයානක බව ඇමතිවරු දැනුම්දීලා


පසුගිය දින කිහිපය ඇතුළත දිවයින පුරා ඇදහැලුණු ධාරානීපාත වර්ෂාව සහ ඒ ආශ්‍රිතව සිදුවූ දැවැන්ත විනාශය හේතුවෙන් පළාත් පාලන මැතිවරණය මාස කිහිපයකින් කල් දැමීමට ආණ්ඩුව සූදානම් වෙමින් සිටින බව රජයට සමීප ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ වනවිට වර්ෂාව සමග ඇතිවී තිඛෙන ජලගැලීම් හේතුවෙන් දසලක‍ෂයකට අධික ජනතාවක් අවතැන් වී සිටින නිසා පළාත් පාලන මැතිවරණය කල් දමන ලෙසට ගම්වල ශ්‍රී ලංකා නිදහස් පක‍ෂ නියෝජිතයන්ගෙන්ද මැති ඇමැතිවරුන්ගෙන්ද දිගින් දිගටම ලැබුණු ඉල්ලීම් හේතුවෙන් ආණ්ඩුව මෙසේ එම මැතිවරණය කල් දැමීමට සූදානමින් සිටින බව දැනගන්නට ඇත. අවතැන්වූ ජනතාව හට තවමත් අණ්ඩුවේ මැදිහත් වීමෙන් කිසිදු සහනයක් නොලැබී තිබීම නිසා ආපදාවන්ට ලක්වූ දිස්ත්‍රික්වල ආණ්ඩුව කෙරෙහි දැඩි අප්‍රසාදයක් පවතින බවත්, ඒ හේතුවෙන් ගම්වල තත්ත්වය ආණ්ඩුවට කිසිසේත්ම හිතකර නොවන බවත් ඔවුන් ආණ්ඩුවට දැනුම් දි ඇති බව පැවසේ.

මේ නිසා පවතින තත්ත්වය යටතේ පළාත් පාලන මැතිවරණය පැවැත්වුව හොත් නියත වශයෙන්ම ආණ්ඩුව ගම්වලින් පරාජයට පත්වන බවටද ඔව්හු මෙහිදී අනතුරු ඇඟවීමක් සිදු කොට ඇත.
ඒ අනුව ලබන මාර්තු මස පැවැත්වීමට මේවන විට සියලු කටයුතු යොදා ඇති පළාත් පාලන මැතිවරණය බොහෝදුරට කල් දැමීමට ආණ්ඩුවේ සූදානමක් ඇති බව දැනගන්නට තිබේ.

Tell a Friend