මීට පෙට ඔහු සුදු පැහැති වෑන් රියකින් පැහැර ගෙන ගියේය. කිත්සිරි මහතාව මෙසේ පැහැරගන ගියේද මරදාන ප්‍රදේශයේදීය. පැමිණ ඇති සුදු පැහැති වෑන් රිය ශ්‍රී ලංකා පොලිසියට අයත් වෑන් රථයක් බවට සැක කෙරෙන බව මේ පිළිබඳ කල විමසීමකදී එකල අනාවරණය විය. කෙසේ වෙතත් පැහැරගෙන ගිය කිත්සිරි රාජපක්ෂ මහතා පිළිබඳව මෙතෙක් කිසිදු තොරතුරක් ලැබී නැත.
කිත්සිරි රාජපක්ෂ මහතා පසුගිය කාලයේදී පොදු අපේක්ෂක ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ මැතිවරණ කටයුතුවල ක්‍රියාකිරිකයෙකු ලෙස කටයුතු කර ඇති අතර, අද දින පැහැරගෙන යන අවස්ථාවේදීද ඒ මහතා එම මැතිවරණ ප්‍රචාරක කටයුතුවල නිරත වෙමින් සිටි බව වැඩිදුරටත් වාර්තා වේ.
උපුටා ගැනීම ස්වර්ණවාහිනී

Post a Comment