තවත් ගීනිස් වාර්තාවක්? : අවතැන් වූවෙකුට ඩොලර් ශත 50

ගංවතුරින් අවතැන් වූවෙකුට රුපියල් 55 : ඇමති 65ක වහාන වලට පමණක් මිලියන 1300

අවතැන්ව සිටින එක් පුද්ගලයෙක් සඳහා රජය වෙන් කොට ඇත්තේ රුපියල් 55ක එනම ඇමෙරිකානු ඩොලර් ශත පනහකටත් අඩු මුදලක් පමණක් බව දැනගන්නට ඇත. වේ වන විට ගංවතුර හේතුවෙන් ලක‍ෂ 10කට අධික ජනතාවක් අවතැන්ව කඳවුරු තුළ හෝ වෙනත් ආරක‍ෂිත ස්ථානවල තාවකාලිකව ලැගුම්ගෙන සිටින අතර ඔවුන් සඳහා රජය වෙන් කොට ඇති මුදල රුපියල් මිලියන 55කි. ඒ අනුව එක් පුද්ගලයෙකුට රජය වෙන් කොට ඇත්තේ රුපියල් 55ක මුදලක් පමනි.

කෙසේවෙතත් ගංවතුරින් අවතැන්ව සිටින පුද්ගලයෙක් හට රුපියල් 55ක මුදලක් වෙන් කිරීමට රජය කටයුතු කළත් ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් 65 දෙනෙකුගේ ප්‍රයෝජනය සඳහා සුඛෝපභෝගි ප්‍රාඩෝ රථ ගෙන්වීමට පමණක් ආණ්ඩුව වැය කළ මුදල රුපියල් මිලියන 1300කි. ඒ අනුව එක් මන්ත්‍රීවරයෙකුට ලබා දුන් ප්‍රාඩෝ රථයක වටිනාකම රුපියල් මිලියන 20ද ඉක්මවා යන්නකි.

Tell a Friend