ගාලු සාහිත්‍යය උත්සවය අර්බුදයක

 ලබන සතියේ ශ‍්‍රී ලංකාවෙි පැවැත්විමට නියමිත ගාලු සාහිත්‍යය උත්සවය වර්ජනය කරන්නැයි ජාත්‍යයන්තරයේ ප‍්‍රකට ලේඛකයින් හඩ නගති. මෙම සුප‍්‍රකට ලේඛකයින් අතර නොමි චොමිස්කි, අරුන්දති රොයි සහ තුර්කියේ ඔෆන් පාමුක්ද වෙි.

ඔවුන් ප‍්‍රකාශ කරන්නේ තමන් මෙම උත්සවයට සහභාගිවිම මගින් කොළඔ සිදුවන ප‍්‍රකාශනයේ නිදහසට එරෙහිව සිදුවන මර්ධනයට සුජාත බවක් ලබා දෙන බවයි.

අරුන්දති රොයි සහ නොමි චොමිස්කි මෙම වර්ජනයට දැනටමත් සිය අත්සන් ලබාදි ඇති අතර මෙම ව්‍යාපාරය දියත් කර ඇත්තේ පැරිසිය මුලික කරගෙන පිහිටි දේශසිමා නොමැති මාධ්‍යයවෙිදියෝ සංවිධානය සහ ශ‍්‍රී ලංකාවෙි ප‍්‍රජාතන්ත‍්‍රවාදය උදෙසා මාධ්‍යයවෙිදියෝ නැමති සංවිධානයයි.

දේශ සිමා නොමැති මාධ්‍යවෙිදියෝ නැමති සංවිධානය ප‍්‍රකාශ කරන්නේ මෙම උත්සවය පැවැත්වෙන ‍්‍ර  ශ‍්‍රි ලංකාවෙි දකුණේ මාධ්‍යයවෙිදින්, ලේඛකයින් සහ විරුද්ධවාදින්ව ආණ්ඩුව විසින් මර්ධනය කරන බවයි.

ගිය සදුදා කාටුන් ශිල්පියෙකු සහ ලේඛකයෙක් වු ප‍්‍රගිත් එක්නැලිගොඩ අතුරුදහන් කර පළමු වසරත් ප‍්‍රබල හඩක් නැගු පුවත්පත් කතුවරයකු ඝාතනය කර දෙවන වසරත් සමරන ලදි.

මෙම සිද්ධින් දෙක පිළිබද විමර්ශනවල කිසිදු ප‍්‍රගතියක් නැත. ශ‍්‍රී ලංකාවෙි දුසිමි ගණනින් මාධ්‍යයවෙිදින්ට පහරදිමි, පිටුවහල්විමට හෝ මරණ තර්ජන වලට මුහුණදිිමට සිදුවිය.

මෙම ආරධිත අමුත්තන් සහභාගි නොවිමෙන් ශ‍්‍රී ලංකාව තුළ හඩක් නැගිය නොහැකි පිරිසට සහය පලකිරිමක් බව දේශ සීමා නොමැති මාධ්‍යයවෙිිදියෝ නැමති සංවිධානය ප‍්‍රකාශ කරයි.

බි. බි. සි ඇසුරෙන්
හර්ෂි සී. පෙරේරා