ඔටු කිරි බොමු. පැස්බර බිත්තර ගිලිමු. අමුඩත් අදිමුද?

ලංකාවට කුකුල් මස් බිත්තර සහ පොල්ද පිටරටින් ගෙන්විමට සිදුව ඇති වාතාවරනයක දැන් එය ඔටු කිරි සහ පැස්බර බිත්තර ගෙන්විමට සැලසුමිකිරිම දක්වා දුරදිග ගොස් ඇත. මෙි තත්වය ලාංකිකයින්ට විවිධ ආහාර හුරු කිරිමට වඩා රටෙි ආර්ථික ප‍්‍රතිපත්තියේත් වෙළද ප‍්‍රතිපත්තියේත් ගැටලුකාරිත්වය මැනවින් පිළිබිබු කරයි.

රටෙි ආර්ථික කඩා වැටිමට ආණ්ඩුවෙි පිළියම වි ඇත්තේ පිටරටින් භාණ්ඩ ආනයනය කිරිමයි. නමුත් ආණ්ඩුවෙි ලොක්කන් උදේ සිට සවස දක්වා මොරදෙන්නේ අපේකම ගැනයි. රටෙි ආර්ථික ප‍්‍රතිපත්තියත් වෙළද ප‍්‍රතිපත්තියත් අනතුරට ලක්ව ඇති අවස්ථාවක දේශිය සංස්කෘතියට ගැළපෙන ඇදුමට වැඩි වැදගත්කමක් ලබා දෙමින් සිටියි.
ඇත්තටම දේශිය සංස්කෘතියට ගැළපෙන ඇදුම කුමක්ද? යමෙක් එය අමුඩය බවට යෝජනා කළොත් ඒය දේශිය සංස්කෘතියට නොගැළපෙන්නේයයි තර්ක කළ හැක්කේ කාහටද? පාර්ලිමෙින්තුවට කලිසමි ඇද පැමිණිම තහනමි කරන්නට යන බවද මාධ්‍යය වාර්තා කළේය. කැබිනටි මණ්ඩල සාකචිඡුා වලට අත්කොට කමිස ඇද පැමිණි ඇමතිව හරවායවනු ලැබිණි.

ඇදුම වෙනස් කළාට පාර්ලිමෙින්තු මන්ත‍්‍රිවරුන්ගේ දේශපාලන මගොඩිකමි අවසන් වෙිද? ඔවුන් කොයිතරමි දුරට පොලිසිය සමග එක්ව සිදුකරන අපරාධ වලින් වැළකිසිටිද? රටෙි ජනතාවට සහන සලසන ආර්ථික ප‍්‍රතිපත්ති සහ වෙළද ප‍්‍රතිපත්ති ඇති කිරිමට දායක වෙිද?

මෙිවා ගැන නොනවත්වා කතා කරමු. නිහඩව සිිටිම කුහකත්වයට අපේ නිදහස උදුරා ගැනිමට දෙනු ලබන අනුබලයකි.


හර්ෂි සි. පෙරේරා



Tell a Friend