ඒ අනුව වික්‍රමනායක මහතාගේ බ්‍රසීල සංචාරයෙන් අනතුරුව අරලිය ගහ මන්දීරය වෙත ඒ මහතා කැඳවා ඇති ජනාධිපතිවරයා පසුගිය දිනවල කිසිදු සිදුවීමක් සිදු නොවූ පරිද්දෙන් ඒ මහතා සමග ඉතාම කුලුපගව කතාබහ කොට ඇති බව දැනගන්නට තිබේ.
එහිදී රත්නසිරි වික්‍රමනායක මහතාද කිසිවක් සිදු නොවූ පරිද්දෙන් ජනාධිපතිවරයා සමග කතා බහ කොට ඇති බව දැනගන්නට ඇත. කෙසේවෙතත් රත්නසිරි වික්‍රමනායක මහතා තමා කලින් දැරූ ස්ථාවරය මේ වනවිටත් බිඳකින් හෝ වෙනස් කොට නොමැති බවද ඒ මහතාට සමීප ආරංචි මාර්ග අනාවරණය කරයි.

Post a Comment