ආණ්ඩුවේ මැරයින් විසින් එම සිසුවා හට නිර්නාමික දුරකථන ඇමතුම් මගින් අදාල පැමිණිල්ල ඉල්ලා අස්කරගන්නා ලෙසට දිගින් දිගටම මරණීය තර්ජන එල්ල කර බියවද්දා ඇත. මේ පිළිබදව ඔහු විසින් තම දුරකථන පහසුකම් ලබාගෙන ඇති එයාර්ටෙල් ආයතනය වෙත දන්වා ඇති අතර ඔහු වෙත එන ඇමතුම් පටිගත කරදෙන ලෙසද ඉල්ලීමක් කර ඇති අතර එම ආයතනයට ඒ සඳහා අදාල ගාස්තු ගෙවීමෙන් අනතුරුව වුවද එම පටිගත කිරීම් ප්‍රතිෙකෂ්ප කර ඇතිබව වැඩිදුරටත් වාර්තා වේ.
කෙසේවෙතත් මේ පිළිබදව කටයුතු කිරීමට ඔහු විසින් නීතිඥවරුන්ගේ සහාය ලබා ගැනීමට උත්සාහ ගෙන ඇති අතර මුදල් ගෙවීමෙන් අනතුරුව වුවද ඔහු වෙනුවෙන් පෙනී සිටීමට කිසිදු නීතිඥවරයෙකු මේ වනතෙක් ඉදිරිපත් වී නැත.
අදාල සිද්ධිය සම්බන්ධයෙන් ඔහු වෙත ලැබී තිබුණු තොරතුරු මත එයට අදාලව නීතිමය පියවර ගන්නා ලෙසට විභාග ශාලාධිපතිතුමිටය, ලේඛකාධිකාරිතුමාට, (ඔෆිස් මැනේජර්)ට, අල්ලස් හා දූෂන විමර්ෂන කොමිසමට මෙන්ම 2010.12.03 වනදින පැමිණිල්ලේ අංක M.O.B.81/39 යටතේ කෙසෙල්වත්ත පොලීසියද දැනුවත් කර ඇතත් මේ වනතෙක් කිසිදු නිලධාරියෙක් ඊට අදාලව නෛතික පියවර ගැනීමට කටයුතු කර නොමැත. මොවුන් කිසිවෙක් මේ පිළිබදව කටයුතු නොකරන්නේ තමන්ගේ රැකියාවට සහ ජීවිතයට ඇති අදරය නිසා බව ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ග සනාථකරයි.
ඉහත සඳහන් කිසිදු නිලධාරියෙක් මේ පිළිබදව කටයුතු කිරීමට ඉදිරිපත් වී නැත්තේ ජනාධිපති පුත් නාමල් රාජපකෂ මහතාද ඉහත සඳහන් නීති විභාගයට පෙනී සිට ඇති නිසා බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් අනාවරණය කරයි.


Post a Comment