ඉරාන ෂා රජුගේ බාල පුතාගේ මළ සිරුර හමුවේ


දීර්ඝ කාලයක් තිස්සේ පැවති සිත් වේදනාව නිසා සියදිවි නසාගත්තේ යයි සැකකෙරෙන ඉරානයේ ෂා රජුගේ බාල පුත්‍රයාගේ මළසිරුර ඔහු ජීවත් වූ ඇමෙරිකාවේ බොස්ටන් හී දී පිහිටි නිවසින් ඊයේ රාත්‍රියේදී සොයා ගත් බව වාර්තා වේ. අන්දකාරයකට නතු වී තිබෙන අපේ රටේ ( ඉරානයේ ) මව්වරුන්, පියවරුන් මෙන්ම ඥාතීන් අදාල සිදුවීමෙන් මහත් ශෝකයට පත් වී ඇති බව අදාල මරණය ගැන සටහනක් තම වෙබ් අඩවියේ තැබූ ෂා රජුගේ වැඩිමල් පුතා වන රීසා පහළවී ප්‍රකශ කළේය.

කෙසේ වෙතත් ප්‍රදේශයේ නීතිපති කාර්යාලයේ ප්‍රකාශකයාට අනුව 44 වියැති අලිරේසා පහලවීගේ සිරුර පරික්ෂා කිරීමේදී එහි වෙඩි ප්‍රහාරයකට ලක් වී ඇති බව පෙනුණු බවත් එය ඔහු විසින්ම තබා ගන්න ලද්දක් බවත් සඳහන් විය. කෙසේ වෙතත ඔහුගේ මුතුරෙකුට අනුව පහළවී තමන්ගේ සහෝදරියගේ මරණින් පසු දැඩි සිත් වේදනාවෙන් පසු වූ බව සඳහන් කළේය. ඇයගේ මළ සිරුර ලන්ඩන් හී හෝටලයකින් 2001 දී සොයා ගනු ලැබීය.

Tell a Friend