ඉන්දියාව තුළ මගේ ජිවිතය අනාරක්ෂිතයි - බිනායක් සෙන්ගේ බිරිද

සිරගතව සිටින මානව හිමිකමි ක්‍රියාධරයාගේ බිරිද එනමි අධ්‍යපනඥ ඉලිනා සෙන් සදුදා නවදිල්ලියේදි මාධ්‍යයට කළ ප්‍රකාශය පහත පරිදිය. එනමි සිය රට තුළ ඇගේත් පවුලේ උදවියගේත් ජිවිතය අනාරක්ෂිත බවත් එයට ඇති එකම පිහිට ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදි රටක දේශපාලන රැකවරණය ලැබිම බවද සදහන් කළාය.

ඇය සිය සැමියා වරදකරු කරමින් දුන් නඩු තින්දුවටද මෙහිදි චෝදනා කළාය. ඔහුව රාජ්‍යදෝහි යන වරදට වරදකරු කිරිම ඇය දකින්නේ විසමිමුතිය එනමි මල පොහොටිටු අවස්ථාවෙිදිම නටුවෙන්ම කඩා දැමිමක් ලෙසයි.

අදාළ තින්දුවෙන් පසුව ඔවුන්ගේ ඉළග ඉලක්කය තමා බවද ඇය සදහන් කළාය. මම මගේ අවුරුදු 25ක් සහ 20ක් වන දියණියන් දෙදෙනා ගැන වඩාත් සැලකිලිමත් වෙනවා. මම ඔවුන් ගැන දැඩි කණස්සල්ලෙන් සිටිිනවා යනුවෙන් ඇය පැවසුවාය.

ප්‍රාන්ත ආණ්ඩුව සෙන්ව නිදහස් නොකලොත් මට හිමිවෙන්නේ ඔහුගේ මළකද පමණයි. ජිවිතාන්තය දක්වා සිරදඩුවම කියලා කියන්නේ ඔහු සිය ජිවිතය අවසන් වනතුරුත් හිරගෙදර කියන එකයි. මට මෙයින් අත්මිදිිය යුතුයි. මට මගේ ජිවිතය ජිවත් කිරිමට අවශ්‍යයයිි. අපි ඉතා බරපතල කටුක වේදනාවල් විදිමින් සිටින්නෙමුයි ඇය පැවසුවාය.

සෙන්, නක්සාල්, පරමාදර්ශ කථිකයකු වන නාරායන් සන්යාල් සහ කොල්කටා ව්‍යාපාරිකයකු වන පියුෂ් ගුහා යන අයට රාජ්පුර්හි අධිකරණයක් විසින් ජිවිතාන්තය දක්වා සිරදඩුවමි ලබා දෙන ලදිි. ඒ රාජ්‍යය ද්‍රෝහිත්වයට සහ රජය සමග සටන් කිරිමට මාවෝවාදින් සමග සැලසුමි කිරිම හෙතුවෙනි.

සෙන් 58 හැවිරිදි පුහුණුව ලැබු බාල චිකිත්සකයකි. සචිල් නිදහස පිළිබද මහජන සංගමයේ උප සභාපති වන හෙතම සිරගතව සිටින සනායල්ගේ පණිවිඩ සහ ලිපි ලේඛන සැගවසිටින මාවෝවාදින්ට සපයන පණිවිඩකරුවකු ලෙස කටයුතු කළේයැයි චෝදනා ලැබිය.

සමස්තයක් ලෙස ගත්කල සියල්ල වෙනත් ස්ථානයක නිෂ්පාදනය කර ඇත. මා උසාවියට අපහාස කළාට වරදකරු විය හැකියි. මාව ඇතුලට ගැනිමට ඇති එකම පිහිට ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය පවත්නා තානාපති කාර්යාලයකට ගොස් දේශපාලන රැකවරණය ඉල්ලා සිටිමයිි. මගේ රට තුළ මගේ ජිවිතය අනතුරේ ඉලිනා ඉතා හැගිමිබරව ප්‍රකාශ කළාය.

ඇය සදහන් කරන ආකාරයට අධිකරණ තින්දුව මුලුමනින්ම ඇති කළේ කමිපනයකි. නඩු විභාගය අතරතුර තමන්ට එය වෙනත් අධිකරණයකට මාරු කරන ලෙස බෝහෝ පුද්ගලයින් තමන් හට උපදෙස් දුන් බව පවසන ඇය ඒ වුනත් තමන් ප්‍රාන්ත අධිකරණයෙන් සාධාරණ නඩු විභාගයක් බලාපොරොත්තු වු බව කියන්නිිය. නමුත් ඒ විශ්වාසය බිදියමින් පවති.

නඩු පවරන්නා ඇයට විරුද්ධව නගන චෝදනාව අය අයි එස් අයි එජන්තයෙකු බවයි. ඇය කියන්නේ ඇයට අලි අස්ගාර්, සහිෆිල්ලා චවුද්රි වැනිි මුස්ලිමි නමි ඇති මිතුරන් සිටින බවයි. මටත් බිිනායක්ටත් මුස්ලිමි නමි ඇති මිතුරන් සිටිනවා. මම ඒගැන ආඩමිබර වෙනවා.නමුත් අපට පෙනෙන්නේ මෙි රට තුළ එවැනි මුස්ලිමි නමි ඇති මිතුරන් සිටිම නීතිවිරෝධිි බවයි.

ඉලිිනා කියන ආකාරයට අධිකරණය විත්තිය ඉස්මතු කළ කරුණු ගණනාවක් සැලකල්ලට ගත්තේ නැත. ඒ කරුණු අතර සෙන් සනායල් සමග වු හමුවිම තම අධික්ෂණය යටතේ පැවති බවට ජෙලර්වරුන්ගේ ප්‍රකාශයද වෙි. ඇය තවදුරටත් සදහන් කරන්නේ සෙන් සහ ගුවාහා මුණගැසුනු බව පැමිණිල්ල විසින් ඔප්පු නොකල බවයි.

Tell a Friend