මැකොගේ වැදි බැණ ඇරඹේ: ඡන්දෙ කාලයේ රජයේ මුදල් වැය කරන්න එපාලු

මැතිවරණ කොමසාරිස්‌ රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට කියයි

ඡන්ද විමසීම් කාලය තුළ රජයේ මුදල් වැය කරමින් පවත්වනු ලබන විවිධ ආකාරයේ ජංගම සේවාවන්, ප්‍රදර්ශන හා විවෘත කිරීම් වැනි උත්සව සංවිධානය කිරීම සුදුසු නොවන බව මැතිවරණ කොමසාරිස්‌ දයානන්ද දිශානායක මහතා සියලු රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට දැනුම් දී ඇත.

මෙවැනි උත්සවවලට සහභාගි වන මැතිවරණයට තරග කරන දේශපාලන පක්‍ෂ හා අපේක්‍ෂකයන් කරන ප්‍රකාශ වලින් තවත් පක්‍ෂවල අපේක්‍ෂකයන්ට අනිසි බලපෑමක්‌ ඇති විය හැකි බවද කොමසාරිස්‌වරයා පෙන්වා දී ඇත.

මෙම උත්සව සංවිධානය කිරීම පැවරෙනුයේ අමාත්‍යංශ හෝ රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට වන අතර ඔවුන්ට මැතිවරණ රාජකාරිද පැවරෙන බැවින් ඔවුන් මෙබඳු උත්සව සංවිධානය කිරීම කිසිසේත් සුදුසු නොවන බවද හෙතෙම ප්‍රකාශ කර ඇත.

එම නිසා මෙවැනි උත්සව සංවිධානය කිරීමෙන් වැළකී සිටීම යෝග්‍ය යෑයිද දිශානායක මහතා ලි�තව දැනුම් දී තිබේ.

මේ පිළිබඳ ඇමැතිවරුන්, නියෝජ්‍ය ඇමැතිවරුන් සහ ඇමැති කාර්ය මණ්‌ඩල දැනුවත් කිරීම ද අමාත්‍යංශ ලේකම්වරයා වෙත පැවරෙන බවද කොමසාරිස්‌වරයා උපදෙස්‌ දී තිබේ.

Tell a Friend