ආසියාවේ ආශ්චර්ය හෙවත් චින්තනයේ වින්දනය : අමු මිරිස්‌ කිලෝව රු. 600 යි

මනුර සුදත් සෙල්ලහේවා

හැටන් නගරයේ අමුමිරිස්‌ කිලෝවක මිල රු. 600 දක්‌වා ඉහළ යැමත් සමග ප්‍රදේශයේ පාරිභෝගික ජනතාව දැඩි අසීරුතාවට පත්ව සිටිති.

මේ පිළිබඳ අදහස්‌ දක්‌වන ප්‍රදේශයේ ජනතාව පවසනුයේ අමු මිරිස්‌ කිලෝවක මිල රු. 600 ක්‌ වුවද එම මිලට විකිණීමට ඇත්තේද ළපටි අමු මිරිස්‌ බවයි.

එවැනි තත්ත්වය හමුවේ අමු මිරිස්‌ නොමැතිව ආහාර සකස්‌ කර ගැනීමට තමන්ට සිදුව ඇතැයිද ඔවුහු පවසති.

පසුගිය දිනවල පැවැති අධික වර්ෂාවත් සමග මිරිස්‌ වගාවන් විනාශ වීමෙන් මෙසේ අමු මිරිස්‌ මිල ඉහළ ගොස්‌ ඇති බව බලධාරීහු පවසති.

Tell a Friend