සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂක අඳ බාල වැඩක. මෙ අපේ කමද?

ගුරු පුහුණු වැඩමුළුවකට සහභාගී නොවු ගුරුවරුන්ගේ නම් ඉදිරිපත් කර රුපියල් තිස්පන්දහසකට ආසන්න මුදලක් වංචා කළැයි දෙනියාය ක‍්‍රීඩා හා ශාරීරික විෂයය බාර සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ වල්ගම විදානගමගේ අමරසේන මොරවක මහේස්ත‍්‍රාත් ධම්මික හේමපාල මහතා විසින් ලබන 18 දක්වා රිමාන්ඞ් කරනු ලැබීය.

ගුරුවරුන් 23 දෙනකු සහභාගී වූ වැඩමුළුවට 79 දෙනකුගේ නම් යොදා මුදල් ලබාගෙන ඇතැයි එහි අධ්‍යාපන අධ්‍යක්ෂවරයා විසින් කළ පැමිණිල්ලකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙළේය. 2008 ජූලි මස මෙම වැඩමුළුව පැවැත්විණි.

මෙවා මෙරට අනාගත පරපුරට පාර කියන බලධාරින්ගේ පහත් තත්වයට තවත් එක් නිදසුනකි.

මෙ අධ්‍යයක්ෂකවරයා ඇදුමෙන් නමි සංස්කෘතියට හානියක් නොකරන්නට ඇත. එහෙත් ඔහු කර ඇත්තේ බරපතල අපරාධයකි. මෙිවා අපේ කමෙි ව්‍යයසනයන් නොවන්නේද? පන්සලට පල්ලියට කොවිලට යන ලෙස උපදෙස් දෙන නායකයින් මෙිවා සමිබන්ධයෙන් නිහඩ ඇයි?

Tell a Friend