දඩාවතේ යන සුනඛයන්ට අනාථාගාරයක් බුලත්සිංහල පිහිටුවයි

දයාරත්න කුමාරසිංහ

ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ දඩාවතේ යන සුනඛයින් අල්ලා ඔවුන්ට රැකවරණය සැලසීමේ සුනඛ අනාථාගාරයක් ඉදිකිරීමේ මූලික වැඩ කටයුතු බුලත්සිංහල ප්‍රාදේශීය සභාව මගින් දැන් අරඹා ඇත.

සුනඛ අනාථාගාරය ඉදිකිරීම සඳහා බුලත්සිංහල ප්‍රදේශයේ ඇති රාජ්‍ය වතුයායකින් අක්කරයක භූමි ප්‍රදේශයක් රාජ්‍ය වැවිලි සංස්ථාවෙන් ලබා ගැනීමට කටයුතු කරගෙන යන බවද ප්‍රාදේශීය සභාවේ සභාපති තුසිත කුලරත්න මහතා පවසයි.

සුනඛ අනාථාගාරය ඉදිකළ පසු එය පාලනය කිරීම හා සුනඛයන්ගේ අවශ්‍යතා ඉටුකර සුනඛයින් පාලනය කිරීමට වෙනම සේවකයකු යොදවන බවද කී සභාපතිවරයා සුනඛයන්ට අවශ්‍ය ආහාර පුණ්‍ය කර්මයක් ලෙස සලකා ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ පදිංචි ජනතාව පරිත්‍යාග කිරීමට දැනටමත් සූදානම්ව සිටින බවද සඳහන් කළේය.

Tell a Friend