හොරණ-කයිකාවලදී කතක් ඝාතනය: අපරාධයේ සුලමුල තවමත් අභිරහසක්

විනීතා මානෙල් ගමගේ

ලැබූ නව අවුරුද්දෙන් කයිකාවල සුනන්දලාගේ පුංචි ගෙපැළද එළිය විය. සුනන්දා තම දියණියගේ දරු දෙදෙනාත් තුරුලු කර ගෙන සැමියා සමග ඒ සතුට බුක්ති වින්දේ දින 4කටත් වඩා කෙටි කාලයක් පමණි. ජනවාරි 05 දාත් වෙනදා මෙන්ම තම සැමියා වැඩට ගියේ සුපුරුදු ලෙසිනි.

රත්මලාන ලංගම ඩිපෝවේ ඩිපෝ කළමනාකාරවරයකු ලෙස සේවය කළ එච්. විජේපාල මහතා පිටත්ව ගිය පසුව දරුවන් පාසල් යැවූ ඇය නිවසේ ඉතිරි වැඩ නිම කළේ වෙනදා පුරුද්දටය.

එහෙත් සිය මෙහෙය ඇයට ඉටු කිරීමට මරුවා ඉඩ දුන්නේ නැත. සාහසිකයකු ඇගේ ගෙල රෙදි පටියකින් සිරකර මරා දැමුවා පමණක් නොව ඇගේ රන් අබරණ ද රැගෙන ඔහු පලා ගොස් ඇත. රුචිර සත්සර පුතා සිය නිවසට පැමිණෙන විට ද තම ආච්චි අම්මා සදහටම දෙනෙත් පියා ගෙන අවසන් ය. ඇගේ ඝාතනය පිළිබඳ සැලවු වහාම අසල්වැසියෝ නිවෙසට ගොඩ වූහ. තම බිරියගේ වියෝවෙන් සැමියා අපමණ දුක්වන අතර මෙම අපරාධයේ සුලමුල තවමත් හෙළිකර ගැනීමට නොහැකි වී ඇත.

Tell a Friend