සිලුළුමිණ පුවත්පත මෙසේ වාර්තා කොට ඇත,
ඉලක්කය රට අස්ථාවර කිරීම | යළි වාර්ගික අසමඟිය ඇති කිරීම | පසුබිමේ කොටි හිතවාදී මාධ්‍යවේදීන්
දයා ඩී. ෆොන්සේකා
( කරුණාදාස සුරියාරච්චි වෙනුවට )
ඇතැම් වෙබ් අඩවි ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාවට හානිකර ලෙස ක්‍රියාත්මක වන බවට තොරතුරු අනාවරණය වෙයි.
වර්ගවාදී නොසන්සුන්තාව ඇතිවන පරිදි අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරීම, ශ්‍රී ලංකාවේ රණවිරුවන් අපහසුතාවට පත්වන ලෙස ව්‍යාජ ඡායාරූප හා ලිපි පළ කිරීම, ශ්‍රී ලංකා රජය මර්දනකාරී ලෙස ක්‍රියාත්මක වන බවට අන්තර්ජාතික ප්‍රජාව අතර මතයක් ගෙන යෑම යනාදී වශයෙන් වෙබ් අඩවි කිහිපයක් සැලසුම් සහගතව ක්‍රියාත්මක වන බැව් හෙළි වී තිබේ.
අගවිනිසුරු අශෝක ද සිල්වා මහතා ඉල්ලා අස්වූ බව, ශ්‍රී ලංකා රණවිරුවන් යුද අපරාධ කළ බව, උතුරේ තරුණයන් අතුරුදන් වන බව ආදි වශයෙන් මෑතකදී අසත්‍ය ප්‍රචාර ගෙන ගියේ ද එවැනි වෙබ් අඩවි කිහිපයකි. විදේශ රටවල සිට ක්‍රියාත්මක වන මේ වෙබ් අඩවි කොටි ත්‍රස්තවාදීන්ගේ අරමුදල්වලින් යැපෙමින් ඔවුන්ගේ ප්‍රචාරක ජාලයේ නියෝජිතයන් ලෙස ක්‍රියා කරන බවටත් තොරතුරු හෙළි වී ඇත.
විදේශ රටවල සිට ක්‍රියාත්මක වන මේ වෙබ් අඩවිවල සේවය කරන පුද්ගලයන් පිළිබඳව තව දුරටත් තොරතුරු අනාවරණය වන්නේ ඔවුන් සෘජුව හා වක්‍රව එල්ටීටීඊ සංවිධානයට ආධාර උපකාර කළ පුද්ගලයන් පමණක් නොව ශ්‍රී ලංකාවට එරෙහිව ක්‍රියා කරන අන්තර්ජාතික රාජ්‍ය නොවන සංවිධානවලින් මුදල් ලබා ගන්නා පුද්ගලයන් බවයි.
එල්ටීටීඊ ත්‍රස්තවාදය පරාජය කිරීමත් සමඟම මෙරටින් පලා ගොස් විදේශ රටවල රැකවරණ ලැබු පුද්ගලයන් හා මෙරට නීතිය උල්ලංඝනය කරමින් නොයෙකුත් වංචා හා ජාවාරම්වල නිරත වී අධිකරණය මඟ හරිමින් සිටිනා හා මෙරට පැමිණියහොත් අත්අඩංගුවට ගැනීමට නියමිත පුද්ගලයන් කිහිප දෙනෙක් ද මේ මඩ වෙබ් අඩවි මඟින් ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය බිඳ දැමීමේ ව්‍යාපාරයක යෙදී සිටිති.
Post a Comment