අතුරුදහන් වුවෙකුගේ මළ සිරුරක් යාපනයේ පාලු ළිදකින් හමුවෙි.

 දින 10 කට පමණ පෙර අතුරුදහන් වූ පුද්ගලයකුගේ මළ සිරුර යාපනයේ උරුම්බරායි හි පාලූ ළඳක තිබී ඊයේ (13* හමුවී තිබේ. මේ පුද්ගලයා දරුවන් පස් දෙනකුගේ පියකු වන මනාලිංගම් අමිර්තරාජා යි.

උතුරේ යුද්ධයේදී අමිර්තරාජාගේ බිරිඳ ෂෙල් වෙඩි පහරකට ලක්ව මියගොස් ඇත.

වන්නියේ පුනරුත්ථාපන කඳවුරක කාලයක් සිට ඉතා මෑතකදී යාපනයට පැමිණ සිය දරුවන් සමඟ ජීවත්ව සිටි මොහු හදිසියේම අතුරුදහන් වී ඇත.