ටියුනිසියාවේ ජනාධිපති රටින් පැන යයි

තම ආණ්ඩුව විසිර වීමෙන් පසු ටියුනිසියාවේ ජනධිපති සින් බෙන් අලි ඊයේ මැදියම් රාත්‍රියේදීම එරටින් පැන ගොස් තිබේ. එසේම රටේ හදිසි නිතිය ප්‍රකාශ කිරීමෙන් පසු එරටින් පැන ගිය ජනාධිපති වෙනුවට අන්තර්වාර ආණ්ඩුවේ වැඩබලන ජනධිපතිවරයා ලෙස අගමැති මොහොමඩ් ගනොචි වැඩ බාරගත්තේ ව්‍යවස්ථානුකුලව හිමි බලතල ප්‍රකාරවය. 74 හැවිරිදි අලි ජනාධිපති වරයා 1987 සිට එරට බලයේ සිටියේය. නමුත් ඔහු පසුගිය බ්‍රහස්ප්‍රතින්ද කියා සිටියේ 2014 දී පැවැත්වෙන ජනාධිපතිවරණයට තමන් ඉදිරිපත් නොවන බවයි.

Tell a Friend