අවුරුද්දයි තුන්මාසේ දරුවා ළිඳේ ඔබා මරා දමලා

විජේරත්න වංගියකුඹුර

කුරුණෑගල දිද්දෙණිය ප්‍රදේශයේ අවුරුදු 1 යි මාස 3 ක් වයසති දරුවකු ළිඳට දමා මරා දමා ඇතැයි පොතුහැර පොලිසිය කියයි. ඉකුත් 27 වැනිදා මේ දරුවා ළිඳට දමා ඇති අතර එම අවස්ථාවේ අසල්වැසියන් දරුවා ගොඩගෙන කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කැර ඇත.

කවිඳු රෝයල් නමැති මේ දරුවාගේ මව සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. ඇය උපාධිධාරිනියක් වන අතර මානසික ආබාධයකින් පෙළෙන බව පැවසේ.

Tell a Friend