ඉරානයේ ගුවන් අනතුරක් : 70 ක් මරුට

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් ඉරානයට අයත් බෝයින් 727 වර්ගයේ මගී ප්‍රවාහන ගුවන් යානයක් අනතුරට ලක් වීමෙන් එහි සිටි 70කට අසන්න ප්‍රමාණයක් මිය යන්නට ඇති බව වාර්තා වේ. අදාල ගුවන් යානය ඉරානයේ වයඹ දෙසට වන්නට අනතුරට ලක් වී ඇති අතර අනතුර සිදුවන විට මගීන් 94 සහ එහි කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් 12 දෙනෙකු එනම් 106 දෙනෙකු සිට ඇත. අනතුර සමබන්ධයෙන් අදහස් දක්වූ අදාල ගුවන් සමාගමේ ප්‍රධානියකු ප්‍රකාශ කළේ අනතුරින් ගුවන් යානය කැලී වලට කැඩී වෙන් වුණද පිපිරීමක් සිදු නොවුණු බවයි.

පසුගිය 2009 ජුලි මාසයේද මෙවැනිම අනතුරක් සිදු වූ අතර එහිදී ඇමෙරිකාව බල පියාසර කරමින් තිබු ගුවන් යානයේ සිටි 168 දෙනෙකු මිය ගියහ. එසේම මේ දක්වා ඉරානයේ සිදු වූ විශාලතම ගුවන් අනතුර 2003 පෙබරවරේ මාසයේදී සිදු වූයේ හමුදා සාමාජිකයින් 276 මරා දැමු අනතුරයි.

Tell a Friend