ලෝක කුසලානය මවිබිමට - හොඳ තේරිමක්

පෙබරවාරි මස 19 වැනිදා ආරම්භ වන ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියට සහභාගි වන 15 දෙනකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතයේ ප‍්‍රවීණ ආරම්භක පිතිකරු සනත් ජයසූරියට සහ වේග පන්දු යවන ක‍්‍රීඩක චමින්ද වාස්ට ස්ථාන අහිමි වී තිබේ.

මෙම සංචිතයට පිතිකරුවන් ලෙස කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, උපුල් තරංග, තිලකරත්න ඩිල්ෂාන්, තිලාන් සමරවීර, චාමර සිල්වා සහ චාමර කපුගෙදර ඇතුළත්ව සිටිති. වේග පන්දු යවන්නන් වන ඇන්ජලෝ මැතිව්ස් සහ තිසර පෙරේරා තුන් ඉදිරියව් ක‍්‍රීඩකයන් ලෙස ද, නුවන් කුලසේකර, ලසිත් මාලිංග සහ දිල්හාර ප‍්‍රනාන්දු විශේෂඥ වේග පන්දු යවන්නන් ලෙස ද ක‍්‍රීඩා කරති.
මුත්තයියා මුරලිදරන්, අජන්ත මෙන්ඩිස් සහ රංගන හේරත් විශේෂඥ දඟ පන්දු යවන්නන් ලෙස සංචිතයට ඇතුළත්ව සිටිති.

Tell a Friend