විවාහ වන්නට නොදුන්නැයි ඥතීන්ට ගිනි තැබීමට තැත් කරලා

සිය පෙම්වතිය සමඟ විවාහ වීමට ඉඩ නොදුන් වරදට ඇයගේ මව, වැඩිමහල් සොහොයුරිය සහ ඇයගේ සැමියාගේ සිරුරුවලට පැට්‍රල් වත්කර ඔවුන්ට ගිනි තැබීමට තැත් කළ තරුණයකු අත්අඩංගුවට ගැනීමට අනුරාධපුර පොලිසිය ක්‍රියා කරගෙන යයි.

මෙම තිදෙනාට පැට්‍රල් වත්කර ගිනිපෙට්‌ටිය ගෙන පත්තු කිරීමට තැත් කරද්දී ගිනිපෙට්‌ටිය තෙමී තිබීම නිසා එය පත්තු වී නැත. මේ හේතුව නිසා සිරුරුවලට පැට්‍රල් වැදී තිබූ තිදෙනාම කෑගසා නිවසින් පලාගොස්‌ තිබේ.

මේ මොහොතේ සැකකරු යතුරුපැදියෙන් පලාගොස්‌ ඇති බව අනුරාධපුර පොලිසිය කියයි. අනුරාධපුර මූලස්‌ථාන පොලිස්‌ පරීක්‍ෂක ගාමිණී ජයරත්න මහතා පරීක්‍ෂණ පවත්වාගෙන යයි.

Tell a Friend