මැන්ඩෙලාගේ අලුත්ම තත්වය

මැන්ඩෙලාගේ සෞඛ්‍යය තත්වය සියල්ලන් තුළ ඇති කළේ සැකයකි. ඊයේ රාත‍්‍රීයේ ඔහු බැලිමට පවුලේ හිතවතුන් සහ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයින්ට රෝහලට එකරාශි විය. වයස අවුරුදු 92ක් වන මැන්ඩෙලා බැලිමට ඔහුගේ කලින් බිරිද විනි මැඩික්සිලා මැනිඩෙලාද පැමිණ සිටි අතර ඇය රොහලින් පිට වුයේ කදුලු පිරි දෑසිනි.
හිටපු ජනාධිපතිවරයාගේ සෞඛ්‍යය තත්වය ගැන ආරංචියක් නොමැතිව දකුණු අප‍්‍රිකානුවන් මිලියන ගණනින් කණස්සල්ට ලක්ව සිටිති. ඔහු පිළිිබදව ජොහැන්ස්බර්ග්හි මිල්පාක් රොහලින් ලැබෙන්නේ තොරතුරු ටිකකි. දැනට මැන්ඩෙලා එහි දෙවන රාත‍්‍රියද ගතකර ඇත.

මැන්ඩෙලාගේ තත්වය ගැන කලබලවිමට දෙයක් නැතැයි ජනාධිපති කර්යාලය ප‍්‍රකාශ කරන අතර ඔවුන් වැඩිිදුරටත් කියන්නේ පවුලේ සාමාජිකයින් සහ මිතුරන් ඔහු බැලිමට පැමිණිමෙන් පසුව ඔහු ඉතා සතුටට පත්ව සිටිින බවයි.

ගාඩියන් යූ. කේ ඇසුරෙන්
හර්ෂි සී. පෙරේරා