ගැටඹේ 20ක් පණ පිටින් වැළලෙති - ආණ්ඩුව

 ඊයේ සිදු වූ නය යාම පිළිබඳව " අතිගරු" ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්තයාගේ පුවත්පත විසින් පල කල ප්‍රධාන පුවත කිසිඳු සංශෝධනයකින් තොරව මෙසේ පළ කරන්නෙමු.


නිවාස 5ක් යට වෙයි | සිරුරු 4ක් සොයා ගනී

චන්ද්‍රිකා පෙරේරා, අසේල කුරුළුවංශ, අම්පිටිය සමූහ, වැලිමඩ සමූහ, බදුල්ල සමූහ සහ උකුවෙල සමූහ

ගැටඹේ පේරාදෙණිය පාරේ දෙවැනි රාජසිංහ මාවතේ පිහිටි පස් කන්දක් ඊයේ (09) පෙරවරුවේ නාය යෑමෙන් නිවාස පහක් සම්පූර්ණයෙන්ම යටවීමෙන් එහි පදිංචිව සිටි විසි දෙනෙක් පමණ අතුරුදන්ව සිටිති. පසට යටවී සිටි පුද්ගලයන් හත් දෙනකු සොයාගෙන රෝහල් ගතකර තිබේ. අතුරුදන් වූවන් පස් කන්දට යටවී ඇතැයි පොලිසිය විශ්වාස කරයි.

පොලිසිය, හදිසි ආපදා ඒකකය, ගිනිනිවන අංශය හා ප්‍රදේශවාසීන් එක්ව බැකෝ යන්ත්‍ර මගින් පස් ඉවත්කර යටවූ බවට සැකකෙරෙන ගැටඹේ නිවැසියන් සෙවීමේ මෙහෙයුමක් ඊයේ දියත් කර තිබිණි.

මේ අනුව යටවී සිටි පුද්ගලයන් සිවුදෙනෙකු බේරාගෙන ප්‍රතිකාර සඳහා රෝහල් ගතකර ඇත.

දෙවැනි රාජසිංහ මාවතේ සුසාන භූමියක් ආසන්නයේ තිබුණු අතහැර දැමූ ගල්වලකට පහළින් ඉදිකර තිබූ නිවාස පහක් මෙසේ යටවී තිබේ. ගල්වලට ඉහළින් තිබුණු පස් කන්දක් මෙසේ කඩා වැටී තිබෙන අතර ඉකුත් දින කීපයේදී ඇදහැළුණු වර්ෂාව හේතුවෙන් මේ අනතුරු සිදුව තිබෙන බව පොලිසිය කීය.

මේ අතර බදුල්ල, මලංගමුව, තලාතුඔය උඩවල, උකුවෙල හා ඌවපරණගම පහළ කොටවෙහෙර ප්‍රදේශවල පස් කඳු කඩා වැටීමෙන් හය හැවිරිදි හා නව හැවිරිදි දරු දෙදෙනක් මියගොස් තවත් පස් දෙනෙකු තුවාල ලබා ඇති බව පොලිසිය පවසයි. මෙසේ මියගොස් ඇත්තේ මලංගමුව ගල්පොත්තාවල පදිංචිව සිටි වරුණ දිසානායක (06) හා උඩවෙල ඒ. පී. සඳුනි (09) නමැති දරුවන් බවද කීය.

මීට අමතරව වැලිමඩ බදුල්ල මාර්ගයේ වේල්ලවෙල ප්‍රදේශයේ හා ඌවපරණගම කෝට්ටගොඩ මස්පන්න මාර්ගයේ බඹරපාන යන ප්‍රදේශවල සිදුව ඇති නායයෑම් නිසා වාහන ධාවන කටයුතු මුළුමනින්ම ඇන හිට ඇත.

මියගිය දෙදෙනකුගේ මළසිරුරු ඊයේ (09) පස්වරුවේ දී සොයාගත් අතර තවත් බරපතළ තුවාල ලැබූ හයදෙනෙක් රෝහල් ගත කළහ.

විශාල ගල් පර්වතයකට යටවූ නිවාස කිහිපයක සිරවී සිටි අවුරුදු අටක දරුවෙකු ඇතුළු සිව් දෙනෙකු බේරා ගැනීම සඳහා පොලිසිය, යුද හමුදාව, ගිනි නිවන ඒකකය ඒකාබද්ධව මෙහෙයුම් දියත් කරනු ලැබීය.

පස් හා ගල් පර්වත තුළ සිරවී සිටින පුද්ගලයින් කෑගසන ශබ්දය පිටතට ඇසීම තුළින් කිහිපදෙනෙකු නිරුපද්‍රිතව එහි සිටින බව තහවුරු වීම නිසා මහනුවර රෝහලේ කණ්ඩායමක් ගිලන් රථයකින් එහි පැමිණ නළයක් ආධාරයෙන් ඔක්සිජන් ඒ තුළට යැවීමට ද පියවර ගනු ලැබීය.

බැකෝ යන්ත්‍ර දමා පස් හා ගල් ඉවත් කිරීමේ කටයුතු සිදු කළත් අදාළ ස්ථානයේ පුද්ගලයින් කිහිප දෙනෙකු නිරුපද්‍රිතව සිටීම නිසා එම කටයුතු ද අසීරුවී තිබේ.

මියගිය සිවුදෙනකුගේ මළසිරුරු ඊයේ (09) පස්වරුවේ දී සොයාගත් අතර තවත් බරපතළ තුවාල ලැබූ හත්දෙනෙක් රෝහල් ගත කළහ.

විශාල ගල් පර්වතයකට යටවූ නිවාස කිහිපයක සිරවී සිටි අවුරුදු අටක දරුවෙකු ඇතුළු සිව් දෙනෙකු බේරා ගැනීම සඳහා පොලිසිය, යුද හමුදාව, ගිනි නිවන ඒකකය ඒකාබද්ධව මෙහෙයුම් දියත් කරනු ලැබීය.

පස් හා ගල් පර්වත තුළ සිරවී සිටින පුද්ගලයින් කෑගසන ශබ්දය පිටතට ඇසීම තුළින් කිහිපදෙනෙකු නිරුපද්‍රිතව එහි සිටින බව තහවුරු වීම නිසා මහනුවර රෝහලේ කණ්ඩායමක් ගිලන් රථයකින් එහි පැමිණ නළයක් ආධාරයෙන් ඔක්සිජන් ඒ තුළට යැවීමට ද පියවර ගනු ලැබීය.

බැකෝ යන්ත්‍ර දමා පස් හා ගල් ඉවත් කිරීමේ කටයුතු සිදු කළත් අදාළ ස්ථානයේ පුද්ගලයින් කිහිප දෙනෙකු නිරුපද්‍රිතව සිටීම නිසා එම කටයුතු ද අසීරුවී තිබේ.

සොයාගත් මළ සිරුරු හතරෙන් දෙකක් හඳුනාගෙන ඇති අතර එක් අයෙකු මහනුවර නගර සභාවේ සේවකයකු වන එස්. මනී වන අතර අනෙක් අය ඔහුගේ නැන්දම්මා වන සෙල්ලම්මා නැමැති කාන්තාවකි.

සිද්ධිය වී පැය හයකට පසු 14 හැවිරිදි දැරියක් පස්ගොඩ යටින් නිරුපද්‍රිතව ගොඩට ගැනීමට හැකි වූ අතර ඇයගේ කකුලකට සුළු සීරිම් තුවාල පමණක් සිදුවී තිබිණි.

මේ අතර මෙම සිද්ධිය වූ ස්ථානයට ඊයේ සවස අගමැති දි. මු. ජයරත්න මහතා සමඟ මධ්‍යම පළාත් මහ ඇමැති සරත් ඒකනායක මහතා පැමිණ විතතට පත්වූවන් බේරාගැනීමට සුදුසු කඩිනම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙස අදාළ අංශ වෙතට උපදෙස් දුන්නේ ය.

Tell a Friend