අප්‍රේල් 12 වැනිදාට පෙර මා එජාප නායකත්වය බාරගන්නවා

එජාපය තුළ ප්‍රශ්න ඇතත් නැතත් ලබන අප්‍රියෙල් 12 වැනිදාට පෙර තමා පක්‍ෂයේ නායකත්වය බාරගන්නා බව හම්බන්තොට දිස්‌ත්‍රික්‌ එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. තමාට පක්‍ෂයේ නායකත්වය ලබාදීමට පක්‍ෂය තුළ බහුතර පිරිසක්‌ ක්‍රියාකරන බවද ඒ මහතා පැවසීය.

මේ හැර රටේ වැඩි බහුතරයක්‌ තමා සමග සිටින බව සඳහන් කළ ප්‍රේමදාස මහතා අප්‍රියෙල් 12 වැනිදායින් පසු එජාපය තුළ කලඑළියක්‌ ඇතිවන බවද සඳහන් කළේය.

එක්‌සත් ජාතික පක්‍ෂය තුළ දැන් ගැටුම් සහ ප්‍රශ්න ඇතිනොවන බවද කාගේත් මතය තමාට පක්‍ෂයේ නායකත්වය ලබාදීම බවද කීය.

Tell a Friend