EXCLUSIVE : තොපි අපිව කෑවා - ගෝඨාබය


 ගෝඨාබය , රාජපක්ෂගේ රෙදි ගැලවූ ඔක්ස්ෆර්ඩ් සවාරිය සුදානම් කළ වුන්ට දෙහි කපයි



මේ දක්වා ආණ්ඩුවෙන් නොයෙක් වාසි ලබා ගනිමින් තම පුද්ගලික කටයුතු පවා ආණ්ඩුව ලවා කරගත් බ්‍රිතානයේ වෙසෙන ජනතාව අතර සිංහල ජාතිවාදී අදහස් ව්‍යාප්ත කරමින් සිංහල ජනතාව සමඟ දෙමළ සහ මුස්ලිම් ජනතාව අතර බෙදීම් ඇති කරමින් සිටින සංවිධානයක් වන බ්‍රිටිශ් ශ්‍රී ලංකන් ෆෝරම් British Sri Lankan Forum- UK (BSLF-UK) නමැති සංවිධානයට දුන් සියලුම වරප්‍රසාද නවතා දමා ඇතැයි ආරක්ෂක අමාත්‍යංශයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

ජනක අලහප්පෙරුම නමැති අයෙක් සභාපතිත්වය දරණ අදාල සංවිධානයේ නඩත්තුව සඳහා ආණ්ඩුව විශාල මුදලක් වෙන් කර තිබුණු අතර එකී සංවිධානයෙන් අයෙක් ලංකාවට පැමිණෙන විට විශේෂ වරප්‍රසාදද හිමි වූයේ ආරක්ෂක ලේකම් ගෝඨාබය රාජපක්ෂගේ මැදිහත් වීමෙනි.

නමුත් පසුගියදා ජනාධිපති මහින්ද රාජපක්ෂ ලන්ඩනේ ගොස් ඔක්ස්ෆර්ඩ් සරසවියට ගොස් දේශනයක් පැවැත්වීමට උතසහ කළද හෙතමට එහි ගේට්ටුව අසලටවත් නොගොස් විලිලජ්ජාවට පත් වී යළි හොරෙන්ම සිය රට බලා පැමිණීමට සිදු වුයේ අත්අඩංගුවට ගනීවි යැයි තිබු බිය හේතුවෙනි.

ඉන් කුපිත වී සිටි ආරක්ෂක ලේකම් වරයා අදාල සංවිධානයට බරපතල ලෙස චෝදනා කොට ඇති අතර ආණ්ඩුවෙන් ගරමින් සිටි මුදලද අත්හිටුවා ඇත.

Tell a Friend