මීගමුව කලපුවේ ධීවරයන් ගේ හිස මතට සී ප්ලේන් ගොඩබෑම

අදාළ ව්‍යාපෘතියට විරෝධය දක්වන ධිවරයින්


සජීව චාමිකර 


ධීවර ජනතාව ගේ අයිතිවාසිකම් හා ලංකාවේ දැනට ක්‍රියාත්මක පරිසර නීතිය උල්ලංඝනය කරමින් ඊනියා සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය සඳහා පමණක්‌ සී ප්ලේන් ගොඩබෑමට මීගමුව කලපුව යොදා ගැනීමට රජය ක්‍රියා කරමින් සිටියි. මෙහි ප්‍රථම පියවර ලෙස සී ප්ලේන් ගොඩබෑමේ ගුවන් පථය සැකසීම සඳහා මීගමුව කලපුවේ ඊසාන ග මායිමේ කැණීම් කටයුතු ආරම්භ කෙරිණි. ඔක්‌තෝබර් මස අවසන් සතියේ ආරම්භ කළ නීති විරෝධී කැණීම් කටයුතු ධීවර ජනතාව ගේ දැඩි උස්‌ඝෝෂණ මත නවතා දමනු ලැබුවේ නොවැම්බර් මස 17 වැනි න ය. එහෙත් එහි සැලසුම් හා මෙහෙයුම් කටයුතු අද වන විට ද සිදු කෙරෙමින් පවතී. මේ ගුවන් පථය මීගමුව කලපුව තුළ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ ඉ රියේ සැකසීම සිදු කරයි. සකස්‌ කරන ගුවන් පථයේ ග කිලෝමීටර 2ක්‌ පමණ වන අතර පළල මීටර 100ක්‌ හා ගැඹුර මීටර 3.5ක්‌ පමණ වේ.

ගුවන් පථය සැකසීම සඳහා කලපුවේ කිලෝමීටරයක්‌ පමණ ග කොටසක්‌ ඇළ මාර්ගයක්‌ ලෙස මේ වන විට කැණීම් කර අවසන් ය. කැණීම් කළ මතුපිට රොන්මඩ තට්‌ටු කලපුව තුළ ගොඩගසා ඇති අතර වැලි හා මඩ තට්‌ටු බැකෝ යන්ත්‍ර ආධාරයෙන් කැණීම් කර ගොඩබිමට නළ මගින් පොම්ප කර තිබේ. එම වැලි හා මඩ කලපුවේ ඊසාන ග ඉවුරේ අක්‌කර 5ක පමණ ප්‍රදේශයක ගොඩ ගසා තිබේ. මේ සඳහා විශාල කඩොලාන භූමියක්‌ ඉවත් කර ඇත. කිසිදු පාරිසරික අනුමැතියකින් තොර ව නීති විරෝධී ලෙස වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය විසින් ගුවන් හමුදාවේ ද සහයෝගය මත හිතුමනාපයේ ඉ කෙරෙන මේ සී ප්ලේන් ගුවන් පථය හේතුවෙන් සිදු වන පාරිසරික, ජෛව විද්‍යාත්මක හා සමාජ ආර්ථික බලපෑම් අති විශාල ය. ඒ පිළිබඳව බලධාරීන් ගේ අවධානය යොමු නො වීම කණගාටුවට කරුණකි.

හෙක්‌ටයාර 3164ක ප්‍රදේශයක්‌ පුරා ව්‍යාප්ත වූ මීගමුව කලපුව වටා ගම්මාන 35ක්‌ පමණ වෙයි. ඒවායෙහි ධීවර කර්මාන්තයේ යෙදෙන පිරිස 3500කට අධික ය. ඒ ආශ්‍රිත වක්‍ර

රැකියාවල යෙදෙන පිරිස 1500ක්‌ පමණ වේ. මේ අනුව 15,000කට අධික පිරිසක්‌ මීගමුව කලපුවේ මත්ස්‍ය සම්පත මත යෑපෙති. තෙප්පම් 500ක්‌, ඔරු 1000ක්‌, කුඩා බෝට්‌ටු 100ක්‌ හා ලොකු ඔරු 75කින් පමණ ධීවර ජනතාව මීගමුව කලපුවේ මත්ස්‍ය සම්පත නෙළා ගනිති. මෙහි බහුල ධීවර පන්න ක්‍රම 10ක්‌ පමණ වෙයි. විසි දැල, කට්‌ටු දැල, හරස්‌ දැල, කකුළු අතංගු, හරක්‌ගෙඩිය, තල්ලුව, ගාවන දැල්, එලන දැල්, මස්‌ අතු, කට්‌ට බෑම ආ ය ප්‍රධාන ධීවර පන්න ක්‍රමයන් ය. මීට අමතරව තවත් සාම්ප්‍රදායික ධීවර පන්න ක්‍රම 25ක්‌ පමණ මීගමුව කලපුව තුළ භාවිත වෙයි.

මේ පන්න ක්‍රම මගින් ඉස්‌සන්, කකුළුවන් හා මත්ස්‍යයන් අල්ලාගනු ලැබේ. ප්‍රධාන වශයෙන් අල්ලනු ලබන ඉස්‌සන් වනුයේ කලිස්‌සා හෙවත් කරඬු ඉස්‌සා (Penaeus monodon), කුරුටු ඉස්‌සා ((Penaeus semisulcatus), දඬු ඉස්‌සා (Macrobegium rosenbergi) හා මලිස්‌සා (Metapenaeus dobsoni) ය. කකුළුවන් ලෙස සීනක්‌කාලි (Portunus pelagicus), මස්‌ කකුළුවන් හෙවත් කඩොල් කකුළුවන් (Scyla serata) බහුලව අල්ලාගනු ලැබේ. ප්‍රධාන වශයෙන් අල්ලනු ලබන මත්ස්‍යයන් අතර තඹලයා (Lutjanus argentimaculatus) හා මොදා (Lates
calcarifer) වෙති. මේ මත්ස්‍යයන් සංචාරක හෝටල් සඳහා අධික මිලකට අලෙවි කරනු ලැබේ. මීට අමතරව ගොඩයා (Liza spp.), වේක්‌කයා (Chanos chanos), පරව් (Atule mate), රන්නා (Lutjanus fulviflamma), අඟුලුවා (Arius spp.) හා මොරල්ලා (Hemiramphus spp.) වැනි මත්ස්‍යයන් අල්ලා ගනු ලැබේ. මීගමුව කලපුවේ ඇති සුවිශේෂත්වය වන්නේ සෘතු හේදයකින් තොර ව වර්ෂය මුළුල්ලේ ම ධීවර කටයුතුවල යෙ ය හැකි වීමයි. මේ අනුව මීගමු කලපුවෙන් හෙක්‌ටයාරයට කිලෝග්රෑම් 150ක පමණ මත්ස්‍ය අස්‌වැන්නක්‌ ලැබේ. ඒ අනුව රුපියල් මිලියන 150කට වඩා වැඩි වාර්ෂික ආදායමක්‌ මේ කලපුවෙන් ලබා දේ. මෙවන් වූ සුවිශේෂී කලපුවක සී ප්ලේන් ගොඩබා ධීවර ජන විය පරිහානියට පත් කිරීම කෙසේ සාධාරණීකරණය කළ හැකි ද යන්න ගැටලුවකි.

සී ප්ලේන් ගොඩබෑමෙන් ධීවර ජන වියට සිදු වන බලපෑම



ගුවන් පථය සැකසීම සඳහා, කලපු මත්ස්‍යයන්, ඉස්‌සන් හා කකුළුවන් බෝ වන ප්‍රදේශ වන මුහුදු තෘණ බිම් විශාල වශයෙන් හානියට ලක්‌ කර තිබේ. මීට අමතරව කලපු ජීවීන් ගේ බෝ වන ස්‌ථාන වන කඩොලාන තීරයන් එළිපෙහෙළි කර ඇත්තේ ගුවන් පථය කැණීම් කර ඉවත් කරන වැලි හා මඩ ගොඩගැසීම සඳහා ය. කලපුව තුළ නිසි ඇගයීමකින් තොර ව ඇළ මාර්ගයක්‌ ලෙස ගුවන්පථය සකස්‌ කිරීම හා රොන් මඩ කඳු වශයෙන් කලපුව තුළ ගොඩ ගැසීම හේතුවෙන් වඩ ය හා බා ය කාලසීමාවේ දී ජලය කලපුව තුළ ගලා යැමේ රිද්මයානුකූල යාන්ත්‍රණයට බාධාවන් එල්ල වේ. මේ නිසා ඉස්‌සන් වැනි ජීවී විශේෂවල බෝ වීමේ ක්‍රියාවලියට දැඩි බලපෑම් එල්ල වේ. මේ තත්ත්වය ඉතා හානිකර මට්‌ටමකට පත් වන්නේ මහ බොක්‌ක ලෙස හඳුන්වන ඉස්‌සන් ගේ බෝ වීම ප්‍රධාන වශයෙන් සිදු වන ප්‍රදේශය ආශ්‍රිතව ගුවන් පථය කැණීම් කිරීම හා ඉවත් කරන රොන්මඩ කඳු වශයෙන් ගොඩගැසීම හේතුවෙනි. මේ නිසා වැල්ල වී ය, මහ වී ය, පිටිපන වී ය හා දූව යන ගම්මාන හතරෙහි ජනතාව ගේ ප්‍රධාන ධීවර පන්න ක්‍රමය වන කට්‌ටු දැල් පන්න ක්‍රමයෙන් ඉස්‌සන් ඇල්ලීමේ ක්‍රියාවලියට ප්‍රධාන වශයෙන් හානි සිදු වේ. මේ පන්න ක්‍රමයේ දී වඩ ය හා බා ය අවස්‌ථාවේ දී ජලය ගලා යැමේ රටාව අනුව හඳුනාගත් ප්‍රදේශවල ඉස්‌සන් ඇල්ලීම සිදු කෙරෙයි. එහෙත් මේ ව්‍යාපෘතියත් සමගම කලපුවේ ඇළ මං වෙනස්‌ වීම හේතුවෙන් කට්‌ටු දැල් පන්න ක්‍රමයේ යෙදෙන ධීවරයින්ට
රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්‌ පවතී.


සී ප්ලේන් ගොඩබෑම සිදු කරන කාල සීමාව තුළ සමහර ධීවර පන්න ක්‍රම සීමා වේ. තලාහේන ප්‍රදේශයේ ගාවන දැල් භාවිතයෙන් ඉස්‌සන් ඇල්ලීම සිදු කෙරෙයි. එම ඉස්‌සන් මිල දී ගැනීමට මුහුදු ධීවරයෝ මේ ප්‍රදේශයට පැමිණෙති. මුහුදු ධීවර කර්මාන්තයේ දී මේ කුඩා ඉස්‌සන් "ඇම්" ලෙස භාවිතයට ගනී. වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයෙන්, ගාවන දැල් පන්න ක්‍රමයේ යෙදෙන ධීවරයන්ට දැනුම් දී ඇත්තේ සී ප්ලේන් ගොඩබාන කාල සීමාව තුළ එම ප්‍රදේශයේ මේ පන්න ක්‍රමය සීමා කිරීමට සිදු වන බවය. එවිට ගාවන දැල් පන්න ක්‍රමයේ යෙදෙන ධීවරයන්ට රැකියා අහිමි වීමට අමතර ව ඒ මත පදනම් ව මුහුදු ධීවර කර්මාන්තයේ යෙදෙන ධීවරයන්ට ද ඇම් ලෙස භාවිත කරන ඉස්‌සන් නොමැති වීමෙන් රැකියාවන් අහිමි වී යයි. ධීවරයන් බහුතරයක ගේ ජීවනෝපාය මාර්ගය තහවුරු කරන මත්ස්‍ය අස්‌වැන්න තීරණය වන මීගමුව කලපුව සී ප්ලේන් ගොඩබෑම සඳහා යොදා ගැනීම ඉතා අනුවණ හා ධීවර ජනතාව ගේ මූලික අයිතිවාසිකම් කඩ කරන ක්‍රියාවකි. සී ප්ලේන් ගොඩබෑම සඳහා භාවිත කරන කිලෝමීටර 2ක්‌ පමණ ග ගුවන් පථය හා ඒ ආශ්‍රිත ප්‍රදේශය අධි ආරක්‌ෂිත කලාපයක්‌ ලෙස ඉ රියේ දී ප්‍රකාශයට පත් කිරීමට යෝජිත ව ඇත. ඒ අනුව මේ ප්‍රදේශය ධීවර රැකියාවන් සඳහා භාවිතයට ගත නොහැකි තත්ත්වයට පත් වේ. මේ නිසා කලපු ධීවර රැකියාවේ නිරත ධීවරයන්ට මත්ස්‍ය අස්‌වැන්න ලබා ගත හැකි බිම් ප්‍රමාණය සීමා වන අතර ම ධීවරයන්ට දෛනිකව ප්‍රමාණවත් මත්ස්‍ය අස්‌වැන්නක්‌ ලබා ගැනීමට ද නොහැකි වේ. මෙය ධීවරයන් ගේ දෛනික ආදායම කෙරෙහි බලපාන අතර එය සමාජීය ප්‍රශ්න ඇති කිරීමේ මූලාරම්භයක්‌ වේ. විශේෂයෙන් ම මේ තත්ත්වයට සෘජු ව ගොදුරු වන්නේ දැනට කලපුවේ ඉ කෙරෙන ගුවන් පථය අවට ප්‍රදේශයේ ජීවත් වන ධීවර ජනතාව ය. එම ජනතාව උතුරු කටුනායක හා දකුණු කටුනායක යන ග්‍රාම නිලධාරී වසම් දෙකෙහි ජීවත් වේ. මෙහි ධීවර කර්මාන්තයේ යෙදෙන පවුල් ගණන සියයක්‌ පමණ වේ. ඔවුහු බහුතරයක්‌ තෙප්පම් භාවිතයෙන් ධීවර කර්මාන්තයේ නිරත වෙති. බහින දැල් හා මස්‌ අතු ධීවර පන්න ක්‍රමවල යෙදෙන පිරිස 20ක්‌ පමණ වේ. ඔවුහු ප්‍රධාන වශයෙන් ම දැනට ඉ කෙරෙන ගුවන් පථය ආශ්‍රිත ව ධීවර රැකියාවල නිරත වෙති. සී ප්ලේන් ගොඩබෑමේ කටයුතු ආරම්භ වන විට ඔවුන්ට මේ ප්‍රදේශය තහනම් කලාපයක්‌ බවට පත් වේ. මේ හේතුවෙන් එම ප්‍රදේශවල ධීවරයන්ට තම වෘත්තියෙහි යෙදීමට ඇති ඉඩ ප්‍රස්‌ථාව අහිමි වීමෙන් දැඩි ආර්ථික අර්බුද ඇති විය හැකි ය.

සී ප්ල්න් ගොඩබෑමේ දී ජල තලයේ හා අභ්‍යන්තරයේ විශාල වශයෙන් කැළඹිලි ඇති වේ. මේ කැළඹිලි කලපුව පුරා ම ව්‍යාප්ත වේ. මෙය නිරන්තරයෙන් සිදු වන විට කලපුව ආශ්‍රිත ජලජ ජීවීන් බෝ වන ස්‌ථාන, ක්‌ෂුද්‍ර වාසස්‌ථාන නිරන්තරයෙන් වෙනස්‌ වීම්වලට හා සෘජු හානිවලට ලක්‌ වේ. මේ හේතුවෙන් ක්‍රමයෙන් කලපුවේ ජලජ ජීවීන් වඳ වී යැම සිදු විය හැකි ය. එහි අවසාන ප්‍රතිඵලය වන්නේ මත්ස්‍ය අස්‌වැන්න අඩු වීමෙන් ධීවර ජනතාව ගේ ජීවනෝපාය මාර්ග අහිමි වී සමාජ අරබුද වර්ධනය වීමයි.


පක්‌ෂි විවිධත්වයට සිදුවන බලපෑම

මීගමුව කලපුව හා ඒ ආශ්‍රිත මුතුරාජවෙළ වගුරු බිම් ප්‍රදේශයේ පක්‌ෂි විශේෂ 125ක්‌ පමණ වාර්තා වේ. ඒ අතර සංක්‍රමණික පක්‌ෂි විශේෂ 40ක්‌ පමණ වෙයි. විශේෂයෙන් ම තෙත්බිම් ආශ්‍රිත රංචු වශයෙන් ජීවත් වන පක්‌ෂීන් මේ ප්‍රදේශයේ බහුල වේ. විශාල රංචු වශයෙන් කලපුව ආශ්‍රිතව සැරිසරන සංක්‍රමණික පක්‌ෂීන් වන්නේ කාගුල් ලිහිණින් ((Whisked Tern) ය. මේ සතුන් සී ප්ලේන්වල වැදීම හේතුවෙන් බොහෝ විට අනතුරු සිදු විය හැකි ය. ඒ තත්ත්වය පාලනය කිරීම සඳහා සී ප්ලේන් ගොඩබාන කාලය තුළ දී කලපුව තුළ පිහිටි ගුවන් පථය ආශ්‍රිත ව සැරිසරන පක්‌ෂි විශේෂ පාලනය සඳහා වෙඩි තබා මරා දැමීමට සිදු වේ. දැනට මෙය කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ගුවන් පථයන් ආශ්‍රිතව ද සිදු කෙරෙයි. ඒ සඳහා වෙන ම සේවකයන් පිරිසක්‌ යොදවා තිබේ. පක්‌ෂීන් ගේ අධික ගැවසුම් ප්‍රදේශයක්‌ තුළ සී ප්ලේන් ගොඩබෑමේ ගුවන් පථයක්‌ සකසා එහි සිදු වන අනතුරු පාලනය කිරීමට මෙවන් ජෛව හානිකර ක්‍රියාමාර්ගවලට යොමු වීම කෙතරම් සාධාරණ ද යන්න විමසා බැලිය යුතු ය.

මීගමුව කලපුවේ සී ප්ලේන් ව්‍යාපෘතිය හුදෙකලා ව්‍යාපෘතියක්‌ නො වේ. මෙය එහි සිදු වන හා ඉ රියේ දී සිදු කිරීමට බලාපොරොත්තු වන දැවැන්ත සංචාරක ව්‍යාපෘති හා එකිනෙක බැඳී පවතී. දැනට සකස්‌ කරන සී ප්ලේන් ගුවන් පථයට ඉ රියෙන් තලාහේන ප්‍රදේශයේ කාමර 400ක මහා පරිමාණ හෝටල් ව්‍යාපෘතියක්‌ ඇති කිරීම සඳහා වත්මන් රජයේ ප්‍රබලතම අමාත්‍යවරයකු විසින් කලපුව මායිමේ පිහිටි අතහැර දමා ඇති බ්ලු ලැගුන් හෝටලය මිල දී ගනු ලැබ තිබේ. මීට අමතරව මීගමුවේ හැමිල්ටන් ඇළේ මුහම් රම් පාලම ආශ්‍රිතව ජැටියක්‌ ඉ කර ඇත. එය ඉ කර ඇත්තේ සංචාරකයන් සඳහා බෝට්‌ටු අංගනයක්‌ පවත්වාගෙන යැමට ය. එහි ප්‍රතිඵලයක්‌ ලෙස හැමිල්ටන් ඇළේ සංචාරක කටයුතු පවත්වාගෙන යැම සඳහා ධීවර බෝට්‌ටු නැවැත්වීම ද තහනම් කරමින් තිබේ. මේ සියලු තත්ත්වයන් හමුවේ ධීවරයන්ට මීගමුව කලපුව අහිමි කරමින් සංචාරක ව්‍යාපාරය ස්‌ථාපිත කෙරෙමින් පවතී. මෙහි අවසන් ප්‍රතිඵලය රටේ ප්‍රොaටීන අවශ්‍යතාව සපුරා ලන ප්‍රධාන කලපුවක්‌ අහිමි කිරීම හා ධීවර පවුල් විශාල ප්‍රමාණයක්‌ අවතැන් කිරීම මඟින් සමාජීය අර්බුදයක්‌ නිර්මාණය වීමයි. මේ සියල්ලේ ප්‍රතිඵලය ලෙස අවසානයේ මීගමුව කලපුව ද ලුනාව කලපුව මෙන් මළ කලපුවක්‌ තත්ත්වයට පත් විය හැකි ය.

වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය හා ගුවන් හමුදාව එක්‌ ව සී ප්ලේන් ගොඩබෑම සඳහා මීගමුව කලපුවේ ඉ කරන ගුවන් පථය ලංකාවේ පාරිසරික නීතිය අභියෝගයට ලක්‌ කරමින් සිදු කිරීම කණගාටුවට කරුණකි.

ජාතික පාරිසරික පනත උල්ලංඝනය කිරීම

සංශෝධිත 1980 අංක 47 දරන ජාතික පාරිසරික පනතට අනුව ප්‍රකාශිත 1993 ජුනි 24 න අංක 772/22 දරන ගැසට්‌ නිවේදනයට අනුව ගුවන් තීරු ඉ කිරීමට ප්‍රථම පරිසර බලපෑම් ඇගයීම් (තක්‌සේරු) ක්‍රියාවලියට යටත් ව පූර්ව ලි�ත පාරිසරික අනුමැතිය ලබා ගත යුතු ය. මේ නීතිමය ප්‍රතිපාදනය උල්ලංඝනය කරමින් හිතුමනාපේ ගුවන් පථ ඉ කිරීමට එරෙහි ව මධ්‍යම පරිසර අධීකාරිය කිසිදු ක්‍රියාමාර්ගයක්‌ නො ගැනීමෙන් හා මුනිවත රැකීමෙන් සිදු වන්නේ ලංකාවේ පාරිසරික නීතිය උල්ලංඝනය කිරීමට රාජ්‍ය අංශයෙන් ම අනුබල ලබා දීමකි.

මීගමුව කලපු කළමනාකරණ ප්‍රදේශය අභියෝගයට ලක්‌ කිරීම

මීගමුව කලපුවේ ධීවර කටයුතු විධිමත් කිරීම සඳහා ඉතා ක්‍රමවත් නීති පද්ධතියක්‌ සකස්‌ කර තිබේ. එසේ තිබිය දී ඊට බලපෑම් ඇති කරන මෙවන් නීති විරෝධී ක්‍රියා සිදු කිරීම ලංකාවේ නීති ක්‌ෂේත්‍රයේ සිදු වන ඉතා ම පරිහානීය තත්ත්වයකි. නැත හොත් මානව හිමිකම් හා ධීවර ප්‍රජාව ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනයට රජය විසින් ම පියවර ගැනීමකි. 1996 අංක 02 දරන ධීවර හා ජලජ සම්පත් පනතේ 28 හා 29 වගන්තිවලට අනුව ප්‍රකාශිත 1998 ජුලි 30 වැනි න අංක 1038/16 දරන ගැසට්‌ නිවේදනයට අනුව ලංකාවේ පළමු කලපු කළමනාකරණ ප්‍රදේශය ලෙස මීගමුව කලපුව ප්‍රකාශයට පත් කර තිබේ. එමගින් මීගමුව කලපුවේ ධීවර මෙහෙයුම් කටයුතු විධිමත් කිරීම හා කළමනාකරණය කිරීම සිදු කරයි. මීට අමතරව එම පනතේ 31 වැනි වගන්තිය යටතේ ප්‍රකාශිත 1999 නොවැම්බර් 30 වැනි න අංක 1108/4 දරන ගැසට්‌ නිවේදනයට අනුව ධීවර කළමනාකරණ අධීකාරියක්‌ පිහිටුවා තිබේ. තව ද මේ පනතට අනුව 2005.10.18 වැනි න අංක 1415/22 දරන ගැසට්‌ නිවේදනයට අනුව මීගමුව කලපුවේ මායිම් ප්‍රකාශයට පත් කර තිබේ.

මෙලෙස මීගමුව කලපුව සංරක්‌ෂණය සඳහා මත්ස්‍ය සම්පත විධිමත් කළමනාකරණයකට යටත් ව ධීවරයන්ට ලබා ගැනීමට අවස්‌ථාව ලබා දී ඇත්තේ කලපුවේ පැවැත්ම සුරක්‌ෂිත කිරීමට පමණක්‌ නො ව අනාගත පරපුරේ පැවැත්ම උදෙසා මේ කලපුව තිරසාරී භාවිතයට යොමු කිරීම සඳහා ය. ඒ සඳහා මේ අයුරින් පියවරෙන් පියවර විධිමත් නීතිමය ආවරණයකට යටත්ව ක්‍රියාත්මක වන මීගමුව කලපුව, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය හා ගුවන් හමුදාව එක්‌ ව තම හිතුමනාපය පරි සී ප්ලේන් ගොඩබෑම සඳහා ගුවන් පථ ඉ කිරීම හා ඒ සඳහා සකස්‌ කිරීම වැරැ පූර්වාදර්ශ ලබා දීමක්‌ පමණක්‌ නො ව ලංකාවේ අනෙක්‌ කලපු කළමනාකරණ ප්‍රදේශවල ක්‍රියාකාරීත්වය පිළිබඳව ද අවිනිශ්චිතතාවක්‌ ජනිත කරවන්නකි. මේ පිළිබඳව සොයා බැලීමට ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවට පමණක්‌ නො ව අමාත්‍යතුමාට ද සෘජු වගකීමක්‌ ඇත. එහෙත් ඔවුන් මුනිවත රැකීමෙන් සිදු වන්නේ මීගමුව කලපුව වැනි අගනා ධීවර සම්පතක්‌ වනසා දැමීමට නිහඬ සහයක්‌ ලබා දීමකි.

බොහෝ සැලසුම් සකස්‌ කරන්නන් අමතක කර දමන ප්‍රධාන කරුණක්‌ තිබේ. එනම් සංවර්ධිත සැලසුම් සකස්‌ කළ යුතු වන්නේ එක්‌ ස්‌වාභාවික සම්පතක්‌ අභියෝගයට ලක්‌ කරමින් ඒ මත යෑපෙන ප්‍රජාව අවතැන් කරමින් නො ව එම සම්පත තිරසාරීව ලබා ගැනීමට හැකි වන ලෙස හා එම සීමාකාරී සම්පත මත අසීමිතව යෑපීම පාලනය වන ආකාරයට විකල්ප දෙස යොමු වීමට ය. එහෙත් සී ප්ලේන් ව්‍යාපෘතිය හරහා සිදු වන්නේ තිබෙන ස්‌වාභාවික සම්පත විනාශ කර ඒ මත යෑපෙන ප්‍රජාව අවතැන් කර විකල්ප වෙත යොමු වීමකි. සැලසුම් සකස්‌ කරන්නන් මේ දෙකෙහි වෙනස හඳුනා ගත යුතු ය. සංචාරක කර්මාන්තය තුළින් විදේශ විනිමය උපයන තත්ත්වයට රට ගෙන යැමේ දී අනික්‌ සියල්ල වනසා දමා සංචාරක කර්මාන්තය පමණක්‌ ස්‌ථාපිත කළ හැකි ද යන්න බුද්ධිමත්ව සිතා බැලිය යුතු ය. මේ සියල්ල සිදු විය යුතු වන්නේ නිසි ශක්‍යතා අධ්‍යයනයකින් පසුව ලංකාවේ ක්‍රියාත්මක නීති පද්ධතියට එකඟව ය. එසේ නොමැති ව එය හුදු දේශපාලන තීරණයක්‌ මත පමණක්‌ සිදු නො විය යුතු ය.

Tell a Friend