ඇල්පිටිය අධිකරණයේ සාක්‌කි කූඩුවේ ඇද වැටී අයකු මරුට

නිශ්ශංක සංජීව

ඇල්පිටිය අධිකරණයේ පැවැති නඩුවක්‌ සඳහා සාක්‌කි දීමට පැමිණි පුද්ගලයකු සාක්‌කි කූඩුව මත ඇද වැටීමෙන් අනතුරුව මියගොස්‌ ඇත.

මෙසේ මියගොස්‌ ඇත්තේ කිරින්දේ දිසානායකගේ ගුණදාස (70) නමැති පුද්ගලයෙකි. මොහු පෙරේදා (9 වැනිදා) ඇල්පිටිය මහෙස්‌ත්‍රාත් අධිකරණයේ පැවැති නඩු අංක එම්. 365 යටතේ පැවැති ඇසිඩ් ගැසීමේ නඩුවක්‌ සඳහා සාක්‌ෂි කූඩුවට ගොඩවී ඇත. එහිදී මොහු සිහිසුන්ව ඇදවැටී ඇත. පසුව ඇල්පිටිය රෝහලට මොහු ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස්‌ ඇත. මෙම මරණය සම්බන්ධව මරණ පරීක්‌ෂණය ඊයේ (10 වෙනිදා) පැවැත්වීමට නියමිතව තිබුණි.

Tell a Friend