විභාගයෙන් අසමත් වූ ශිෂ්‍යයා ගෙල වැළලා ගෙන මරුට

 ගාමිණී බණ්‌ඩාර ඉලංගන්තිලක

පාසලේ වර්ෂාවසාන විභාගයෙන් අසමත්වීම නිසා හයවන ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි පාසල් සිසුවෙක්‌ ඊයේ (10) පස්‌වරුවේ ඔහු පදිංචි නිවස තුළදී ගෙළ වැලලාගෙන මියගොස්‌ ඇත.

මෙසේ අවාසනාවන්ත ලෙස සියදිවි තොර කරගෙන ඇත්තේ නෝර්වුඩ්, නිව්වැලි වතු පාසලේ ඉගෙනුම ලබමින් සිටි ලෝගේෂ්වරන් විදුසන් නැමැති සිසුවෙකි.

මියගොස්‌ සිටින සිසුවා ඇතුළු එම පන්තියේම තවත් ශිෂ්‍යයන් තිදෙනෙක්‌ සියළුම විෂයන් සඳහා දුර්වල තත්වයක පසුවූ නිසා ළමයින්ගේ දෙමව්පියන් පාසලට කැඳවා දරුවන්ගේ දුර්වලතාවයන්a පිළිබඳව කරුණු පැවසීමෙන් අනතුරුව දෙමව්පියන් තම ළමයින් මෙවර අසමත් කරන ලෙස පැවසූ බවත්, ඒ අනුව මියගොස්‌ සිටින සිසුවා ඇතුළු දුර්වල ළමයින් සිව්දෙනා මෙවර අසමත් කළ බවත් නිව්වැලි දෙමළ විද්‍යාලයේ විදුහල්පතිවරයා පැවසීය. පාසල නිම වී නිවසට ගොස්‌ නිවසේ සොල්දරයේ පරාළයකට ලණුවක්‌ දමා ගෙළ වැළලාගෙන මියගොස්‌ සිටියදී මියගිය සිසුවාගේ බාල සොහොයුරා දැක අවට පදිංචි අයට දන්වා ඇත. මියගොස්‌ ඇති සිසුවාගේ මව වතු කම්කරුවෙකි. පියා කොළඹ ප්‍රදේශයේ රැකියාවක්‌ කරමින් සිටී. මෙම සිසුවාගේ මළ සිරුර දැනට දික්‌ඔය දිසා රෝහලේ තැන්පත් කර ඇත. නෝර්වුඩ් පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.

Tell a Friend