කැළනිය සරසවියේ අර්බුදය

රසික සම්පත් ඒකනායක
(මහා ශිෂ්‍ය සංගමය වෙනුවෙන්)

කැළනිය විශ්ව විද්‍යාලයේ වර්තමාන පාලනයේ අඩුපාඩු ශිෂ්‍ය නේවාසිකාගාර පහසුකම් හා අධ්‍යාපන කටයුතුවල තිඛෙන අඩුපාඩු, ආර්ථීක අහේනිය නිසා සිසුන්ට විඳින්නට සිදුවන දුක් ගැහැට පලාතේ දේශපාලනඥයකුගේ මැරකම්වලට සිසුනට මුහුණ දෙන්නට සිදුවීම ඇතුළු කරුණු සඳහා දිගු ලිපියක් එම විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය විසින් උප කුලපතිවරයා වෙත යවා තිබේ.

අධ්‍යාපන කටයුතු සඳහා පුස්තකාල කියවීම් ශාලා ප්‍රමාණවත් නොවීමත්, වාණිජ හා කළමණාකාරණ පීඨයට එක් ආචාර්යවරයකුවත් නැති බවත්, පෙන්වා දෙමින් මහා ශිෂ්‍ය සංගමය වෙනුවෙන් රසික සම්පත් ඒකනායක සිසුවාගේ නමින් උපකුලපති වෙත යැවූ ලිපිය පහත දැක්වේ.


2010-12-10
ගරු උපකුලපතිතුමනි,
කැලණිය විශ්වවිද්‍යාලය,
කැල‚ය,

සිසුන්ගේ හ`ඩට මදක් කන් දෙන්න

ගරු මහාචාර්යතුමනි, කැලණි සරසවි සිසුන් ලෙස අප මුහුණ දෙන විශාල අධ්‍යන, සුබසාධන ගැටලූ සහ මර්දනකාරී තත්ත්වය මැද අප ඔබට මෙම ලිපිය එවීමට තීරණය කළෙමු. මෙම ලිපිය පිළිබඳව ඔබගේ අවධානය යොමු වනු ඇතැයි අපි විශ්වාස කරමු. මෙහි එන සෑම වාක්‍යයක්ම කියවීමට ඉවසිලි සහගත වන ලෙස අප ඔබගෙන් ඉල්ලා සිටිමු.

අප මීට ඉහතද ඔබට ලිපි එවා ඇත්තෙමු. එහෙත් මෙම ලිපිය, ඔබ විසින් කැල‚ සරසවිය රැගෙන යමින් තිඛෙන තීරණාත්මක ගමන පිළිබඳව රටේ අවධානය යොමු කිරීම පි‚ස ලියන ලිපියකි.
පසුගිය කාලයක් පුරාම අප විසින් ඔබතුමන්ට විශ්වවිද්‍යාල ශිෂ්‍යන්ගේ අධ්‍යයන කටයුතු වලට බාධා කොට ඇති අධ්‍යයන, සුබසාධන ගැටලූ සම්බන්ධයෙන් අවධානය යොමු කිරීම සඳහා ලිපි ඉදිරිපත් කොට ඇත. එමෙන්ම වත්මන් නේවාසිකාගාර ගැටළුව පිළිබඳව ද එයින් අත්වන අතුරු ප්‍රතිඵල සහ විපාක පිළිබඳව දැනුවත් කොට ලිපි එවා ඇත්තෙමු. සාකච්ඡා පවත්වා ඇත්තෙමු. කෙසේ නමුත් විශ්වවිද්‍යාල ශිෂ්‍යාගේ අධ්‍යාපනය, සමාජීය ජීවිතය සුරැකීමට ඔබගේ අවධානය යොමු වී නැති බව ඔබට අවධාරණය කර සිටිමු. නව අධ්‍යයන වර්ෂයක් ආරම්භ වී ඇති මේ මොහොතේ ඔබතුමන්ට කැල‚ සරසවි සිසු සිසුවියන්ගේ උග්‍ර අධ්‍යයන හා සුබසාධන ගැටලූ විසඳීම සඳා වඩාත් සුදුසු මැදිහත්මක් සිදු කිරීම සඳහා ඔබගේ අවධානය යොමු කිරීම පි.‚ස නැවත වතාවක් සිහිකැඳවීමට සිතමු.

01. නේවාසිකාගාර ගැටළුව

සරසවියේ සමස්ත ශිෂ්‍ය ප්‍රමාණය 8000 කට අධිකය. එහෙත් දැනට පවතින නේවාසිකාගාර සිසුන් සඳහා ප්‍රමාණවත් නොවේ.

සරසවි ශිෂ්‍ය ප්‍රමාණය (දළුගම පරිශ්‍රය)
පීඨය ගැහැණු පිරිමි මුළු ගණන
කලා පීඨය (සමාජීය විද්‍යා/මානව ශාස්ත්‍ර) 3081 994 4075

කළමණාකරණ පීඨය 1070 803 1873

විද්‍යා පීඨය 990 1160 2050
එකතුව 5098 2957 8055

නේවාසිකාගාර තොරතුරු

පිරිමි නේවාසිකයන් පිරිමි (අභ්‍යන්තර )700
නේවාසිකාගාර කාන්තා නේවාසිකයන්

වෙනුර (බාහිර කාන්තා ) 1200
එස්.ජී.එම් (බාහිර කාන්තා )240
බණ්ඩාරණායක (අභ්‍යන්තර කාන්තා)500
සංඝමිත්තා (අභ්‍යන්තර කාන්තා)210
විහාරමහා දේවි (අභ්‍යන්තර කාන්තා) 210
එකතුව 2260 පිරිමි 700

නේවාසිකාගාර පහසුකම් ප්‍රමාණය 2500 වැනි අවම මට්ටමක පවතී. විවිධ ආර්ථීක දුෂ්කරතා මැද්දේ සරසවි සිසුන් තම අධ්‍යයන කටයුතු කරගෙන යන බව ඔබට අමුතුවෙන් පැහැදිලි කළ යුතු යැයි අපි නොසිතමු. වසර 05 කින් මහපොළ හා ශිෂ්‍යාධාර වාරික වැඩි වී නැත.
දුෂ්කරතා මැද තම අධ්‍යයන කටයුතු කරන සිසුන් වෙනුවෙන් ලැඛෙන විශාලතම සහනය නේවාසිකාගාරයයි. පසුගිය වසර ගණනාවකින් නේවාසිකාගාර පහසුකම් වැඩි කිරීමට විශ්වවිද්‍යාල පරිපාලනය කටයුතු කර නැත.

සිසුන්ගේ නේවාසිකාගාර ගැටළුව සඳහා විසඳුම නේවාසිකාගාර පහසුකම් වැඩි කිරීමයි. එහෙත් එස්.බී ඇමතිගේ නාඩගම සහ ඔබ පරිපාලනයේ නේවාසිකාගාර විසඳුම සිසු සිසුවියන්ගේ ජීවිත අනතුරේ දමන, ඔවුන්ව මහමඟට ඇද දමන, කබලෙනුත් ලිපට වැටෙනවා වැනි ක්‍රියාමාර්ගයක්ය.

නේවාසිකාගාර ඉවත් කිරීමෙන් ඇතිවන ගැටළු
-------------------------------------------------
01. ශිෂ්‍යන්ගේ ජීවිත අනතුරේ
-----------------------------------
නේවාසිකාගාර ඉවත් කිරීමේ ක්‍රියාවෙන් සිසුන්ට බරපතල තර්ජනයක් පවතී. කැල‚ය ප්‍රදේශයේ ඇමති මර්වින් සිල්වා සිදුකරන මැදිහත්වීම් සහ ඔහුගේ ගෝලබාලයන්ගෙන් දිගින් දිගටම සිදුවන පහර දීම් වලට සිසුන්ට මුහුණ දීමට සිදුවිය. පසුගිය කාලය පුරාම එය සිදුවූ බව නොරහසකි. එමෙන්ම එම මැරයන් විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන්ටද විවිධ අවස්ථාවන් වලදී අඩන්තේට්ටම් කළ බව ඔබ ද දන්නා කරුණකි.

එවැනි තර්ජන ගණනාවක් තිබියදී ආණ්ඩුවේ අවශ්‍යතාවය මත ඔබ සිසුන්ගේ ජීවිත අනතුරේ දමා ඔබගේ තනතුර රැක ගැනීම සඳහා ශිෂ්‍ය මර්දනය සඳහා කටයුතු යොදමින් සිටී.

02. සිසුන්ට නේවාසිකාගාර අහිමි වීම
------------------------------------------
නේවාසිකාගාර, සරසවි සිසුවාගේ සුබසාධනයේ දී අවශ්‍ය මූලික දෙයකි. නේවාසිකාගාර වැඩි නොකොට මෙම අර්බුදය විසඳීම සඳහා ඔබ ගෙන ආ විසඳුම්.

1. දෙවන වසර තෙවන වසර සිසුන්ට නේවාසිකාගාර ලබා නොදීම
2.1500 ක ශිෂ්‍යාවන්ට බාහිර කාන්තා නේවාසිකාගාර ඉවත් කර 600 පහසුකම් ඇති අභ්‍යන්තර පිරිමි නේවාසිකාගාරය ලබා දීම.

ඔබගේ මෙම අනගි විස`දුම් නිසා,
දෙවන වසර තෙවන වසර සිසුන් බොහෝ දෙනෙකුට නේවාසිකාගාර අහිමි වේ.

අනෙක් අතට ප්‍රථම වසර සහ සිව්වන වසර සිසුන්ට නේවාසිකාගාර දෙන බවට ඔබ පරිපාලනය පාරම් බෑවද දැනට එම වසර වල බොහෝ දුර ප්‍රදේශ වල සිටින සිසුන්ට ද නේවාසිකාගාර ලබා දී නැත.

03. සිසුවියන් පිරිමි නේවාසිකාගාරයේදී මුහුණ දෙන අර්බුදය
---------------------------------------------------------------------
අභ්‍යන්තර පිරිමි නේවාසිකාගාරය සිසුවියන් ස`දහා පරිහරණය කිරීමට කිසිසේත් යෝග්‍ය නොවේ.එහි ඇති පහසුකම් වලට අනුව සහ එහි කාමර වල පිහිටීම අනුව ඇ`දුමක් මාරු කිරීමේදී පවා අපපහසුතාවයකට ලක්වේ.

තවද නේවාසිකාගාරය භූමියේ ඇති 80 කට පමණක් ප්‍රමාණවත් කියවීම් ශාලා ශිෂ්‍යාවන් 600 කට කිසිසේත් ප්‍රමාණවත් නොවේ. ඔවුන්ගේ අධ්‍යයන කටයුතු කිරීම ස`දහා එයින් බරපතල හානියක් සිදු වේ. එහිදී පිරිමිි සිසුන් කියවීම් ශාලා ලෙස පාවිච්චි කරනු ලැබූයේ විශ්වවිද්‍යාල අභ්‍යන්තරයේ ශිෂ්‍ය මධ්‍යස්ථාන ආපන ශාලාව , හිල්ටන් ආපන ශාලාව, පුස්තකාල කියවීම් ශාලාව (සරුංගලය) කියවීම් ශාලාවත්ය. නමුත් සිසුවියන්ට එම ස්ථාන වලට යා නොහැකිය. රාත්‍රී 7 න් පසුව නේවාසිකාගාර වලින් බැහැර යාමට ඔවුනට හැකියාව නැති බැවිනි. ඔබගේ පරිපාලනය විසින් සිසුන්ට ප්‍රමාණවත් පරිදි කියවීම් ශාලාවන් ලබා දී නොමැති නිසා සිසුන්ට එවැනි ආකරයේ ගැටළු වලට ද මුහුණ පෑමට සිදුව තිබේ. නේවාසිකාගාර භාවිතා කිරීමේ දී ඔවුන්ට සුදුසු පරිදි නාන කාමර සකසා නැත. වතුර ගලා බැසීම නිසි පරිදි සිදු නොවේ. නේවාසිකාගාර වල තීන්ත ගෑම හැර අන් කිසිවක් ඔබ පරිපාලනය විසින් සිදු කර නැත. ඇ`දන් ස`දහා මෙට්ට ලබා දී නොමැත. පවතින මෙට්ට භවිතයට සුදුසු නැති මට්ටමේ පවතින අතර කැඩී ඇති ඇ`දන් කිසිවක් අලූත් වැඩියා කර නැත.

04 පුද්ගලික නේවාසික බෝඩිං ගැටළුව
-------------------------------------------
කැලණි සරසවිය අවට සිසු සිසුවියන් විශාල ප්‍රමාණයක් පුද්ගලික බෝඩිං වල රැ`දී සිටින්නේ ඉමහත් ආර්ථික දුෂ්කරතා මධ්‍යයේය. එමෙන්ම සරසවියේ නේවාසිකාගාර හිමිව තිබූ සිසුන් විශාල ප්‍රමාණයකටද නේවාසිකාගාර අහිමි වන බැවින් පුද්ගලික නේවාසික ගාස්තු, එක් අයෙකුට මසකට 3000 කට අධික මුදලකට ඔවුන් ලබා ගත යුතුය. එසේම එවැනි පුද්ගලික බෝඩිං වල අධ්‍යයන කටයුතු කිරීමට ද ආරක්ෂාවද ගැටළුකාරී සහගතය. ආර්ථික ප්‍රශ්නද, මහපොළ හා ශිෂ්‍යාධාර වාරිකයද වසර 05 කිනA වැඩි වී නොමැති අවස්ථාවක රටේ ජීවන අංකය ද ඉහළ ගොස් ඇති අවස්ථාවක සිසුන්ගේ දෙමාපියන්ට මෙම ගාස්තු දරා ගත නොහැකිය. එසේම පිටතින් අහාර ගැනීම ස`දහා මසකට රු 10,000 පමණ මුදලක් වැයවේ.

වෙනුර නේවාසිකාගාර ගැටළුව
-----------------------------------
1වෙනුර නේවාසිකාගාරය 2005 වසරේ ආරම්භ කළ අවස්ථවේ සිට බස් රථයක් ලබා දෙන ලෙස ඉල්ලීම් සිදු විය.

2ඔබතුමන් සම`ග ද වසර ගණනාවක සිට සාකච්ඡා මේ ස`දහා පවත්වා තිබේ. ඒ ස`දහා උද්ඝෝෂණ ගණනාවක් ද සිදු කොට තිබේ.

3අවසන 2009 අප්‍රේල් 06 බස් රථයක් කැලණි ඩිපොවෙන් වාර 03 ස`දහා ධාවනය ආරම්භ විය.

4ඒ ස`දහා සිසුවියකට මසකට රු 850 වියදම් විය.

5නමුත් එයද 2009 වසරේ සිට ගමන් වාර අත් හිටුවන ලදී වසරකට වැඩි කාලයක් ඒ ස`දහා පියවර නොගත්තේය.

අධ්‍යයන ගැටලු
-------------------
01. පුස්තකාල පහසුකම් ප්‍රමාණවත් නොවීම

1983 වසරේ දී 550 ක පමණ ධාරිතාවයකින් ආරම්භ කළ පුස්තකාලය වත්මන් සිසුන්ගේ පරිහරණය ස`දහා කිසිසේත් ප්‍රමාණවත් නොවේ. වසර ගණනාවක සිට නව පුසතකාලයක් අරඹන බවට පැවසූවද එය සිදුවී නොමැත.

02. කියවීම් ශාලා ප්‍රමාණවත් නොවීම
කියවීම් ශාලාව සිසුන් ගණන පහසුකම් ප්‍රමාණය
01අභ්‍යන්තර පිරිමි නේවාසිකාගර කියවීම් ශාලාව 700 80
02අභ්‍යන්තර කාන්තා නේවාසිකාගාර කියවීම් ශාලාව 900 40
03වෙනුර නේවාසිකාගාර කියවීම් ශාලාව 1200 200
04පුස්තකාල කියවීම් ශාලාව 60
05හිල්ටන් කියවීම් ශාලාව 30
06විද්‍යා පීඨ කියවීම් ශාලාව 1 30
07විද්‍යා පීඨ කියවීම් ශාලාව 2 45
කියවීම් ශාලා ශිෂ්‍යන් ගණන පහසුකම් ප්‍රමාණය
07 8055 485

03. පරිගණක පහසුකම් ප්‍රමාණවත් නොවීම
ගණන ක්‍රියා කරන ප්‍රමාණය
ප්‍රධාන පරිගණක මධ්‍යස්ථානය 220 170
වාණිජ පීඨය 200 150
කලා පීඨය 90 90
එකතුව 510 410

සිසුන්ගේ අධ්‍යයන කටයුතු කිරීම ස`දහා මෙම පරිගණක ප්‍රමාණය කිසිසේත් ප්‍රමාණවත් නොවේ නූතන අධ්‍යාපනයේදී එහි අවශ්‍යතාවය පැහැදිලි කිරීම සුදුසු නැතැයි අප සිතමු.

04.දේශන ශාලා හි`ගය
--------------------------
වාණිජ පීඨය
--------------
වාණිජ හා කළමණාකරණ පීඨ සංකීර්ණය ස`දහා සය මහල් ගොඩනැගිල්ලක් ඉදිකිරීම ඇරඹූයේ 2000 වසරේදීය. එය තුන් වතාවක් ඉදිකිරීම් නවතා දමා නැවත අරඹන ලදී.
2010 ජනවාරි 30 වන දින එය අවසන් කිරීමට නියමිතව තිබුණ ද තවමත් එහි ඉදිකිරීම් කටයුතු අවසන් නොකර අඩාල වී තිබේ.

කලා පීඨය
-----------
සමාජීය විද්‍යා පීඨය සහ මානව ශාස්ත්‍ර පීඨයට දේශන ශාලා හි`ගකම නිසා ධර්මාලෝක උපාධි ප්‍රදානෝත්සව ශාලාව බෝඩ් දමා කොටස් 3 කට වෙන් කර දේශන පැවැත්වේ.එම නිසා ශිෂ්‍යන්ගේ බාහිර කලා සංස්කෘතික වැඩකටයුතු කිරීමට ස්ථානයක් නැත.

නාට්‍ය හා රංග කලා උපාධිය හදාරන සිසුන්ට ප්‍රායෝගික පුහුණුවීම් වේදිකාව තුළ කළ නොහැකිය.

සමාජීය විද්‍යා පීඨයේ 2009 නොවැම්බර් මස වන විට තුන් මහල් ගොඩනැගිලි 2 ක් ඉදිකර අවසන් කෙරිණි. ඒ ස`දහා පීඨයෙන් උපයා ගන්නා ලද රුපියල් මිලියන 60 භාවිත විය. එහි ගොඩනාගිල්ලක් තවමත් විවෘතව නැත්තේ දේශන ශාලා ස`දහා අවශ්‍ය ගෘහ භාණ්ඩ ලබා ගැනීමට මුදල් නැති බව පවසමිනි.

ආචාර්ය හි`ගය
---------------
1.වාණිජ හා කළමණාකරණ පීඨයට එක් මහාචාර්යවරයෙක්වත් නැත
2.ලලිත කලා අධ්‍යයන අංශයේ සංගීත ව්ෂය ඉගැන්වීමට එක් ස්ථිර ආචාර්යවරයෙක් හෝ නැත.
3.වෛද්‍ය පීඨයේ පුරප්පාඩු 20 පවතී
4.විද්‍යා පීඨයේ පුරප්පාඩු 20 පවතී
5.දෙමළ විෂය පාඨමාලාව ස`දහා සිසුන් 1300 ලියාපදිංචිව සිටීනමුත් විෂය ඉගැන්වීම ස`දහා ස්ථිර 6.අචාර්යවරු 3 ක්ද තාවකාලික ආවාර්යවරු දෙදෙනෙක් ආරාධිත ආචාර්ය වරු 3 ක් සිටී.

ශිෂ්‍යන්ගේ ක්‍රියා මාර්ග
----------------------------
නේවාසිකාගාර ගැටළුව ඇතුළු අධ්‍යයන සුබසාධන ගැටළු සම්බන්ධයෙන් අප වසර ගණනාවක් පුරා ඔබ පරිපාලනය දැනුවත් කර ඇත. ඔබ සමග සාකච්ඡා කළ වාර්තා ද අප සතුව පවතී. නේවාසිකාගාර අර්බුදය නොවිස`දා නේවාසිකාගාර මාරු කිරීමෙන් සිදුවන හානිය , ඔබට ලිපි ම`ගින් ද සාකච්ඡා පවත්වා ද ප්‍රකාශ කොට ඇත.

බිහිරන්ට ඇසිීමට විශාල ශබ්දයක් අවශ්‍යය යන ප්‍රසිද්ධ කියමනක් තිබේ . නෑසු කන්ව සිටින ඔබ පරිපාලනයට එරෙහිව පසුගිය කාලය පුරාම ශිෂ්‍ය උද්ඝෝෂණ ඇති වූයේ අහම්බයක් ලෙස නොවන බවට මෙම ලිපිය උපුටා දක්වමින් ඔබට අවධාරණය කර සිටිමු.

ශිෂ්‍ය මර්දනය
-------------------
නේවාසිකාගාර ඉවත් කිරීමේ අරමුණ
අධ්‍යාපන වගකීමෙන් නිදහස් වීමට ආණ්ඩුවට අවශ්‍ය බව මේ මොහොතේ රටට හෙළි වෙමින් පවතී. කෙසේ හෝ පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කරීම අවශ්‍ය වී තිබේ. මෙයට එරෙහිව විශ්වවිද්‍යාල සිසුන්ගෙන් එල්ල වන විරෝධය වැලැක්වීම ස`දහා ආණ්ඩුව මේ මොහොතේ විවිධ උපායන් ක්‍රියාවට නගා ඇත. සිසු නායකයන් අත්අඩංගුවට ගෙන තිබේ. ශිෂ්‍ය නායකයන්, ක්‍රියාකාරීන්ගේ පංති තහනම් කර තිබේ. ශිෂ්‍ය සංගම් පත්කිරීම අත්හිටුවා තිබේ. එලෙස විවිධ උපාය මාර්ග තෝරමින් කැලණි සරසවියේ සිසුන්ගේ අභ්‍යන්තර නේවාසිකාගාර ඉවත් කොට සිසුන් බාහිර නේවාසිකාගාර වලට යවා ආණ්ඩුවේ මැරයන් ලවා පහර දී බලපෑම් කොට, බිය කොට ශිෂ්‍ය විරෝධය වැළැක්වීමේ උත්සහයක සිීටී.

එය තහවුරු කිරීමට සාධාරණ අයිතීන් වෙනුවෙන් උද්ඝෝෂණය කළ සිසුන්ට ඔබ විසින් දැක් වූ ප්‍රතිචාර ඔබට මතක් කර දීමට කැමැත්තෙමු.

01. නේවාසිකාගාර වල රැ`දී සිටීමේ චෝදනා යටතේ ශිෂ්‍ය නායකයන් ඇතුළු සිසුන් 14 කගේ පංති තහනම් කර තිබේ.

ඒ අතර නේවාසිකාගාර හිමි නොවී තමන්ගේ නිවසේ සිට විශ්වවිද්‍යාලයට එන සිසුන් ද සිටින අතර එයින් ඔබගේ දක්ෂ පරිපාලනය අපට මැනවින් වැටහේ.

02. නඩු පැවරීම
---------------------
එම සිසුන් 14 දෙනාටම ඔබ විසින් බොරු චෝදනා යටතේ නඩු පවරා තිබේ . සාමකාමී ලෙස උද්ඝෝෂණය කළ සිසුන්ට කලහකාරී ලෙස හැසිරීමේ චෝදනා නගා නඩු පවරා තිබේ.

මැර පහර දීම්.
--------------------
1. 2009 ජූලි 11 වන දින විශ්වවිද්‍යාලයට අ`දුරු අත්දැකීමක් සහිත දිනයකි. ප්‍රදේශයේ මැර ඇමති සහ ගෝලබාලයන් සිසුන්ට සහ ආචාර්යවරුන්ට පහර දුණි.
1. 2010 ඔක්් 27 දිනද එම ඇමතිගේ ගෝලබාලයන් විශ්වවිද්‍යාලය ඉදිරිපිට දී සිසුවෙක්ට අමානුෂික ලෙස පහර දුණි.

ඒ මාධ්‍ය ඉදිරිපිට සහ පොලීසිය ඉදිරිපිටය. ප්‍රසිද්ධියේය. රාත්‍රී කාලයේ දී විවිධ අවස්ථා වල එම මැරයන් විශ්වවිද්‍යාලය බාහිර දී සිසුන්ට පහර දුන් අවස්ථා ගණනාවකි. විශ්වවිද්‍යාලයේ අචාර්ය වරුන්ට ද විවිධ අවස්ථා වල බලපෑම් වලට හා අඩන්තේට්ටම් වලට ලක්වීමට සිදු විය.

ඇමති මර්වින් සිල්වා ඔක් 21 කිරිබත්ගොඩ පැවති ප්‍රසිද්ධ රැස්වීමක දී සරසවි සිසුන්ට කැලණියට ආවොත් ඛෙහෙත් දෙන බවත් ඕනෑ නම් ඒ ස`දහා කැලණි ග`ගත් තිඛෙන බවත් පැවසීය. එහි අර්ථය අන් කිසිවක් නොව විශ්වවිද්‍යාලය බාහිර දී සිසුන්ට ඕනෑ පරිදි තමන්ට පහර දිය හැකි බවත් ඕනෑම දෙයක් කර සිසුන් නිහ`ඩ කළ හැකි බවත් නොවේ ද ?

එහි අනෙක් බරපතල කාරණය වන්නේ උපකුලපති වන ඔබතුමන් ද විශ්වවිද්‍යාලයේ විනය මණ්ඩලයේ ප්‍රධානියෙක් ද ඉදිරියෙන්ම සහභාගී වී සිටීමයි. එම සියල්ල සිදුවන තෙක් බලා සිට ඔබ අවසානයේ සිසුන්ගේ ජීවිතත අනතුරේ දමමින් නේවාසිකාගාර බාහිරට ගෙන යාමට සැලසුම් සම්පාදනය කළේය

ඔක් 27 සිසුවෙක්ට බරපතල ලෙස සරසවිය ඉදිරිපිට පහර දෙද්දී ඔබ පරිපාලනය විසින් ඒ ස`දහා කිසිදු පියවරක් නොගත් අතර ආරක්ෂාව පතා පරිපාලනය වෙත පැමිණි සිසුවා ඉවත් කරන ලෙස විශ්වවිද්‍යාල ආරක්ෂක අංශයට බලපෑම් කළේය.

තවද ඔබ ඔක් 28 ලක්බිම පුවත්පතට ප්‍රකාශ කර සිටියේ විශ්වවිද්‍යාල පරිශ්‍රයෙන් පිටත සිදුවන දෙA පිළිබ`දව තමන් වග නොකියන බවයි.

රටේ දුෂ්කර ගම්මාන වල සිට විවිධ ප්‍රදේශ වල සිට පැමිණි සිසුන්ගේ ජීවිත පිළිබ`දව වගකීම් විරහිත පරිපාලනයක් ලෙස කටයුතු කරයි නම් ශිෂ්‍යන්ගේ ජීවිත වල ආරක්ෂාවට වග කියන්නේ කවුරුන් ද ?

උපකුලපතිවරයකුගේ භූමිකාව
-----------------------------
1988-89 රාජ්‍ය මර්දනකාරී භීෂණයක් ක්‍රියාත්මක වූ යුගයේ දී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති ලෙස කටයුතු කරනු ලැබූයේ රංජිත් අලූවිහාේර මහතායි. ධවල භීෂකයන් සිසුන් පැහැරගෙන ගොස් වධ ක`දවුරු වල මරා දමද්දී එම වධ ක`දවුරු වල ඔහු විශ්වවිද්‍යාලයේ සිසුන් සොයා ගියේය. ශිෂ්‍යයන්ගේ ගැටළු ජීවිත පිළිබ`දව කැක්කුමකිත් කටයුතු කළ උපකුලපති වරයෙකි. එය සැබැවින්ම ආදර්ශයකි. අවසන විශ්වවිද්‍යාලයෙන් ඔහු සමුගෙන යද්දී සිසුන් ඔහුට උපහාර උත්සවයක් ද පවත්වා තිබේ. සැබෑ උපකුලපතිවරයෙකුගේ භූමිකාව එයයි.

එහෙත් ඔබ
-----------
01 තනතුරු වරප්‍රසාද වෙනුවෙන් දේශපාලනය ඔබතුමා රටේ ගරු පුදගලයෙකි. විශ්වවිද්‍යාල උපකුලපති වරයෙකුට ගෞරවයක් තිබේ. ඔබ රටේ තුන්වැනි පුරවැසියාය. මහාචාර්යවරයෙකි. නමුත් මැර ඇමතියෙකුට ඔබගේ ගෞරවයද විශ්වවිද්‍යාලයේ ගෞරවයද පවා දී ඇත. සිසුන්ට පහර දුන් ඇමතිට ඔබ කැලණි සරසවියෙන් සම්මාන ප්‍රදානයක් ද කරන ලදී. ඒ සිසුන් හා ගම්වාසීන් අතර ගැටුම වැළැක්වූවා යැයි කියමිනි. පහර දුන් මිනිහාටම සම්මාන ලබා දී තිබේ . ඔබ දේශපාලනය කිරීම අපට ගැටළුවක් නැත. ශිෂ්‍යන්ට ඒ ස`දහා ඇති අයිතිය ද සරසවිිය දියුණු කිරීම හෝ ගැටළු නොවිස`දා විශ්වවිද්‍යාලය ද සිසු ජීවිත ද තනතුර වෙනුවෙන් පවා දෙන්නේ නම් එය අපට ගැටලූවකි

02. සිසුන්ට මුදල් නැත ඔබට මුදල් ඇත
-------------------------------------------
විශ්වවිද්‍යාලයේ ගැටළු විස`දීම ස`දහා මුදල් නැති බව පවසමින් ඔබ ඔබගේ සුඛ විහරණය ස`දහා මුදල් යොදවමින් සිටී. විශ්වවිද්‍යාලයේ උපකුලපති තනතුරට පත් වී ඔබ විශ්වවිද්‍යාලයේ සිටියාට වඩා සිටියේ පිටරටය. විශ්වවිද්‍යාලය ආරම්භ වන මේ මොහොතේ ද විවිධ ගැටලූ ඇති කොට ඔබ විදෙස් ගතව ඇත.

විශ්වවිද්‍යාලයේ ආරක්ෂිතවම තිලිය යුතු විභාග අංශය පරිපාලන ගොඩනැගිල්ලේ උඩු මහලින් ඉවත් කොට එය අනාරක්ෂිතව වෙනත් ගොඩනැගිල්ලක පහත මාලයට දමා ලක්ෂ 87 වියදම් කර ඔබගේ කාර්යාලය නවීකරණය කරමින් සිටී.

03. ආචාර්ය වරුන්ගේ ජන්ද අයිතිය අහෝසි කිරීම.
---------------------------------------------------------
විද්‍යා පීඨයේ මහාචාර්යය නලින්ද සිල්වා මහතා වයස අවුරුදු 65 ඉක්මවා විශ්‍රාම යා යුතු කාලය ද ඉක්මවා ගොස්ය. ලංකාවේ වයස්ගතම රාජ්‍ය සේවකයා ඔහුය. එලෙස විශ්‍රාම යා යුතු පුද්ගලයෙක් 2010 ඔක් 07 දින පැවැත්වීමට නියමිතව තිබූ විද්‍යා පීඨ පීඨාධිපති වරයා පත් කිරීමේ ජන්ද විමසීම අහෝසි කර ඔබ විසින් 1978 විශ්වවිද්‍යාල පනතේ 49 ඡේදය උල්ලංඝණය කරමින් සිල්වා මහතා පීඨාධිපති වරයා ලෙස පත්කර තිබේ. ඔබ ඔහුගෙත් අණ්ඩුවේත් රූකඩයක් බව අප දනිමු. නමුත් ඔබ විශ්වවිද්‍යාලයේ ප්‍රජාතන්ත්‍රවාදය අහෝසි කර තිබේ

04. සේවක අයිතීන් කප්පාදුව
----------------------------------
විශ්වවිද්‍යාලයේ අනධ්‍යයන කාර්ය මණ්ඩල ස`දහා ලබා දෙන අතිකාල කාලයන් අඩු කොට එම දීමනා ලබා දීම අඩු කොට තිබේ. එමෙන්ම ඔවුනට ලබා දිය යුතු දීමනා ලබා දී නොමැත. නිල ඇඳුම් දීමනා ලබා දී නොමැත.සේවක පොදු කාමරයක් ලබා දී නැත. ඔවුන්ට අවශ්‍ය භෞතික සම්පත් ප්‍රමාණය ඉතාමත් කණගාටු තත්ත්වයන පවතී.

05. ශිෂ්‍ය සංගමය ලබා නොදීම
-------------------------------------
1989 අංක 1 ශිෂ්‍ය සංගම් අතුරු ව්‍යවස්ථාව අනුව පීඨ ශිෂ්‍ය සංගම් පත් කර සති 2 ක් ඇතුළත මහා ශිෂ්‍ය සංගමය පත් කළ යුතුය. පීඨ ශිෂ්‍ය සංගමය පත් කර දැනට මාස 3 ක් ගතවී ඇතත් ඔබ විසින් එය සැලසුම් සහගතව කල් දමන ලදී. මේ වන විට ඔබ පරිපාලනය මහා ශිෂ්‍ය සංගම් කාර්යාලය සිසුන්ට ලබා නොදී තවදුරටත් ශිෂ්‍ය සංගම් නැති බව පවසමින් සිටී.

06. ශිෂ්‍යන්ගේ දේපල හානිය
-----------------------------------
ඔබගේ නියෝගය පරිදි මහා ශිෂ්‍ය සංගම් කාර්යාලයේ භාන්ඩ ඉවත් කර තිබේ. නවක සිසුන් පිළිගැනීම ස`දහා නිර්මාණය කර තිබූ සියලු කලා නිර්මාණ, තොරණ , චිත්‍ර සියල්ල ඉවත් කර ගිනි තබා තිබේ. එහි භෞතික වටිනාකම රු ලක්ෂ 05 කට අධිකය. ශිෂ්‍යයන්ගේ දහඩිය මහන්සියත් අප දෙමාපියන් විසින් ඉතා වෙහෙස වී උපයා ගත් මුදල් එකතු කොට නිර්මාණය කරන ලද කලා නිර්මාණයි, මිලදී ගත් භාණ්ඩයි ඒ. ඔබ විසින් කරන ලද මෙම නින්දිත ක්‍රියාව අප දැඩි පිළිකුලෙන් හෙළා දකිමු.

ශිෂ්‍යයන් ස`දහා තම කටයුතු කරගෙන යාමේ සාධාරණ අයිතිය තහවුරු කරන මෙන් අප ඔබගෙන් කාරුණිකව ඉල්ලා සිටිමු. තවද මෙම ලිපිය දීර්ඝ වන බැවින් ඔබගේ භූමිකාව ස`දහන් කිරීම ප්‍රමාණවත් යැයි අප සිතමු.

අප දේශපාලනය කරන බව නොබියව පවසමු. අප දේශපාලනය කරන්නේ සිසුන්ගේ සාධාරණ අයිතින් දිනාගැනීම වෙනුවෙනි. ආණ්ඩුවේ මෙම කුමන්ත්‍රණයට හසුව මෙම අපරාධය නොකරන මෙන් ඔබගෙන් ඉල්ලා සිටින අතර මෙකී තත්ත්වයන් නිවැරදි කිරීමට අපේ සහයද පල කරන අතර, මෙකී ත්ත්වයන් නිවැරදි වන තෙක් අප සටන් වදින බවද ඔබට පවසා සිටිමු.

අවසන ඔබට එක් සටහනක් තැබීමට කැමැත්තෙමු "මේ මාවතේ කලින් ගියවුන් පසුපස අද අප යන්නා සේම අනාගතයේ දී තවත් බොහෝ අය අප පසුපස එනු ඇත. ඒ අප පසුපස ඒමේ රුචිකත්වය නිසා නොව අධ්‍යාපන අයිතිය සමස්ත සමාජය වෙනුවෙන් දිනා ගැනීමටත් සාධාරණත්වය යුක්තිය රජයන ලොවක් නිර්මාණය කිරීම වෙනුවෙනි. එම නිසා මෙම ක්‍රියාදාමය අවසන් වන්නේ එම අයිතීන් දිනා ගැනීමෙන් පසුව පමණක්මය."

Tell a Friend