පහර දී මරා දමා සිරුර වෙළක දමලා

එස්. පද්මපෙරුම

යකඩ පොලුවලින් පහර දී කපා කොටා මරා දැමුණු තරුණයකුගේ මළසිරුරක් පාදුක්ක බෝපේ ප්‍රදේශයේ වෙළක දමා තිබියදී ඊයේ (17) දහවල් හමු වී ඇත. මෙසේ අමානුෂික ලෙස මරා දමා ඇත්තේ අංක 69, අරකාවිල, හඳපාන්ගොඩ පදිංචිව සිටි සමරගේ දොන් වර්ණ ලක්මාල් නැමැති 29 හැවිරිදි තරුණයෙකි.

වැඩ නිමකර තම බිරියගේ නිවසට යමින් සිටියදී පෙරේදා (16) රාත්‍රී 11.30 ට පමණ මඟ රැක සිට පහරදී යතුරුපැදිය ඇළට දමා මළසිරුර අසල වෙළකට විසිකර ඇත. පාදුක්ක පොලිසිය මේ පිළිබඳව පරීක්‍ෂණ පවත්වමින් සිටියි.

Tell a Friend