තනිව ජීවත් වූ මහලු කතගේ ගෙල වෙන් වෙන්නම කපා දමලා

සමන්තී වීරසේකර

දඹුල්ල කණ්ඩලම කලෝගහ ඇළ ප්‍රදේශයේ කාන්තාවකගේ ගෙල වෙන්වන සේ තියුණු ආයුධයකින් කපා නිවෙසේ මුළුතැන්ගෙයි දමාගොස් තිබියදී ඊයේ (17 දා) දඹුල්ල පොලිසිය මඟින් සොයාගෙන තිබේ.

මෙසේ ඝාතනය කැර ඇත්තේ එම්.ජී.සුමනාවතී නැමැති හැත්තෑ හැවිරිදි කාන්තාවකි. එම කාන්තාව නිවසේ තනිව ජීවත්ව ඇති බව පොලිස් පරීක්ෂණවල දී අනාවරණය වී තිබේ. සැකකරුවන් කිසිවෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර දඹුල්ල පොලිසිය මඟින් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Tell a Friend