රන්ජන් ගාමිණී ජයවර්ධන
සැමියා සමග ඇතිවූ බහින්බස්‌වීක් දුරදිග යැමෙන් කෝපවූ කාන්තාවක් සිය අවුරුදු එකහමාරක දරුවා වැලිගම පොලිසිය ඉදිරිපිටදී පොළොවේ ගසා ඇත.
සැමියා වෙනත් විවාහයක් සිදුකර ගැනීම පිළිබඳව පොලිසියට කර තිබූ පැමිණිල්ලක් විභාග කිරීමට ගිය අවස්‌ථාවේ මේ අවාසනාවන්ත සිද්ධිය සිදුවී ඇත.
එබැවින් එම දරුවා වැලිගම රෝහලට ඇතුළත් කර ඇති අතර අසාධ්‍ය තත්ත්වයේ නොවූ නිසා ප්‍රතිකාර කොට රෝහලින් පිටත්කර යවා ඇත.
අත්අඩංගුවට ගත් මදාරාපුර ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි සැකකාර කාන්තාව ඊයේ (20 දා) මාතර අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
එම කාන්තාව දරුවාද සමඟ පොලිසියට පැමිණ සිටියේ ඇය මැද පෙරදිග සේවයේ යෙදී සිටින අතරේ සිය සැමියා ඔහුගේ ඥති දියණියක සමඟ වෙනත් විවාහයක් සිදුකර ගැනීමට එරෙහිව ඇය පොලිසියට කළ පැමිණිල්ලක් විභාග කිරීම සඳහාය.
Post a Comment