විනෝද චාරිකාවේ ගිය මීරිගම තරුණයාගේ මරණය අභිරහසක්

සුභාෂිනී සේනානායක සහ චන්දන ජයවීර

විනෝද චාරිකාවක් සඳහා සහභාගි වූ මීරිගම ප්‍රදේශයේ තරුණයකු බගවන්තලාවේ රොන්හිල්වතුයායේ නවාතැන් ගත් ස්ථානයේ ජනේලයකින් ඇඳ වැටී පෙරේදා (19) අලුයම 4.30ට පමණ අභිරහස් ලෙස මිය ගොස් තිබේ. ගම්පහ ප්‍රදේශයේ මිතුරන් 11 දෙනෙකු සමඟ විනෝද චාරිකාවක් සඳහා සහභාගි වූ මීරිගම පදිංචි 35 හැවිරිදි අනුර ප්‍රියංකර ජයතිලක නමැති තරුණයා කොළඹ වරාය වාප්පු අංශයේ සේවය කළ අයෙකි. 35 හැවිරිදි මීරිගම පදිංචිව සිටියේය.

මෙම චාරිකාවට එක් වූ පිරිස බගවන්තලාව ප්‍රදේශයේ රොබිගිල් වතුයායේ ලොක් කැබින් නිවාඩු නිකේතනය තෝරාගෙන ඇති බවත් ඉතාම අනාරක්ෂිත ලී දඬුවලින් ආවරණය කළ ස්ථානයක නැවතී ඔවුන් මත්පැන් පානය කොට ඇති බවට මෙතෙක් ක්‍රියාකළ පරීක්ෂණ තහවුරු වී ඇති බවත් බගවන්තලාව පොලිස් ස්ථානාධිපති රෝහිත වනිගසේකර මහතා පවසයි.

මත්පැන් පානය කළ පුද්ගලයා මිය යාමට පෙර රාත්‍රී 11.30ට පමණ මීරිගම නිවසට දුරකථනයෙන් කථාකොට තමා මරාදැමීමට සූදානම් වනබවත් පවසා ඇති බවට තොරතුරු ඇතැයි පවසන බගවන්තලාව පොලිස් ස්ථානාධිපතිවරයා අලුයම 4.30ට පමණ ලොබ්හිල් වතුයායට යාබද ඇල්ල අසල මේ පුද්ගලයා තුවාල ලබා මිය ගොස් සිට ඇතැයි පවසති.

සිද්ධිය පිළිබඳ මහේස්ත්‍රාත් පරීක්ෂණය ඊයේ (20) පැවැත්විණි. මියගිය පුද්ගලයන්ගේ මිතුරන් 10 දෙනා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට හැටන් වැඩබලන මහේස්ත්‍රාත් රාජේන්ද්‍රන් මහතා නියෝග කොට තිබේ.

මරණ පරීක්ෂණය ඊයේ (20) හැටන් මහරෝහලේදී සිදුකෙරිණි.

Tell a Friend