විකිලීක්ස් පිටුපස සිටින්නේ ඊශ්‍රායලයද?

විකිලීක්ස් නිර්මාතෘ අසාන්ච් ඊයේ මාධ්‍යවේදීන් ඇමතීමට පැමිණි  අවස්ථාව
විකිලීක්ස් වෙබ් අඩවිය විසින් හෙළිදරව් කරණ කරුණු පිටුපස සිටින්නේ ඊශ්‍රායලය යැයි සැකයක් මේ වනවිට ලොව පුරා පැතිරෙමින් පවතී. මේ දක්වා ලිපි ගොනු 2000 කට අසන්න ප්‍රමාණයක් අදාල වෙබ් අඩවිය විසින් මුදා හැර ඇතත් ඉන් එකකවත් ඊශ්‍රායලය නොමැති බව සඳහන් කොට ඇති වාර්තා පෙන්වාදෙයි.

වෙටරන් ටුඩේ වෙබ් අඩවියේ කතුවරයා වන ගෝර්ඩන් ඩෆ් ලිය ඇත්තේ, විකිලීක්ස් සහ ඊශ්‍රායෙල් අනුව අතර රහස් ගනුදෙනුවක් ඇති බවත් අදාල ලේඛන පල කිරීමට පෙර ඊශ්‍රායලය සම්බන්ධ සියල්ල ඉවත් කොට ඇති බවත්ය. එසේම ඇතැම් වාර්තා පෙන්වා දී ඇත්තේ විකිලීක්ස් ප්‍රධානි ජුලියන් සමඟ ඊශ්‍රායලයේ මොසාඩ් ඔත්තු සේවය රහස්‍ය ගනුදෙනුවක් ජිනීවා නුවරදී ඇති කර ගත් බවයි.

Tell a Friend