බ්‍රිතාන්‍ය රජය විසින් සහ මෙරට පිහිටි එරට මහා කොමසාරිස් කාර්යාලය විසින් ඊයේ පැහැදිලිවම දැනුම් දී තිබුණේ අදාල සංචාරය සඳහා තමන්ගේ මැදිහත් වීමක් නොමැති බවය. එසේම රාජ්‍ය තාන්ත්‍රික ගනුදෙනුවක් හැරෙන්නට එසේ බ්‍රිතාන්‍යට යන එන අනෙක් රටවල නායකයින් ප්‍රමාණයේ හැටියට ඒ සියලුම දෙනාට ආරක්ෂාව සැපයීමට එරටට හැකියාවක් නොමැති බව තේරුම් ගැනීමේ අබ මල් රේණුවක තරමේ මොලයක් මෙම උද්ඝෝෂකයින්ට නැත. එක්කෝ මෙරට ජනතාව කුපිත කොට වෛරී ජන කොටසක් කිරීම සඳහා මෙවැනි තුන්වැනි පන්තියේ කටයුතු තමන්ගේ පැවැත්ම තහවුරු කර ගැනීම සඳහා කරනවා විය යුතුය.
ශ්‍රී ලංකා ආණ්ඩුව සහ රාජපක්ෂ ජනාධිපතිවරයා මෙම පවතින තත්වය වහාම තේරුම් නොගත හොත් එය බලවත් වියසනයකට හේතු වනවා නොඅනුමානය. සැබවින්ම රාජපක්ෂ ජනාධිපතිවරයාට තමන්ගේ හැඟීම් වලට අනුව කටයුතු කිරීමට ගොස් සිදු වූ අලකලංචියක් හැර වෙනත් කිසිම දෙයක් හෝ කුමන්ත්‍රණයක් අදාල සංචාරය තුළ නැත. එසේම අදාල සංචාරය සංවිධානය කළ සිසුන්ගේ කණ්ඩායම ඔක්ස්ෆර්ඩ් සංගමයේ සමජිකත්වයවත් නොමැති ඉතා සුළු කණ්ඩායමකි. එවැනි කණඩායම් සීයකට අසන්න ප්‍රමාණයක් ඔක්ස්ෆර්ඩ් සරසවිය තුළ ක්‍රියාත්මක වන බව වාර්තා වේ.
සබැවිනම් රාජපක්ෂ ජනාධිපතිවරයා අසමත් වී සිටින්නේ හමුදාව විසින් ලබා ගත් ජයග්‍රහණය, තමාගේ නමට අනුව හම්බ කර ගැනීමට යාමේදීය. ඔබට මිල මුදල් කොපමණ ප්‍රමාණයක් තිබුණත් එයින් ප්‍රජෝජනයක් නොවන්නේ එය නිවැරදිව කළමණා කරණය කර ගැනීමට මොළයක් තමන්ට නැති වූ විටය. මේ වනවිට වීදි වලට බැස ඇති ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය තුළින් පෙන්නේනේ එකී ප්‍රතිබිම්බයයි.

Post a Comment