By
Sri Lanka Guardian
•
December 21, 2010
•
feature
interviews
Politics
•
|
බි‍්‍රතාන්‍ය ආරක්ෂක ලේකම් ලියම් ෆොක්ස් |
බි‍්‍රතාන්‍ය ආරක්ෂක ලේකම් ලියම් ෆොක්ස් හෝ වෙනත් විශේෂ නියෝජිතයෙකු ශී‍්‍ර ලංකාවට එවීමට බලාපොරොත්තු වන බව බි‍්‍රතාන්‍ය විදේශ ලේකම් විලියම් හේග් ප්‍රකාශ කළේය. විදෙස් පුවත් සේවා වලට අදහස් දක්වමින් බි‍්‍රතාන්‍ය විදේශ ලේකම්වරයා පවසා ඇත්තේ ශී‍්‍ර ලංකාවේ වත්මන් තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරිමට මෙම නියෝජිතයා පිටත් කරන බවයි. ආරක්ෂක ලේකම් ලියම් ෆොක්ස් ශී‍්‍ර ලංකාව සමග පවත්නා සමීප සම්බන්ධතාවය එම කාර්යයට වඩාත් යෝග්‍ය බවද විලියම් හේග් එහිදී කියා ඇත. බි‍්‍රතාන්‍ය ආරක්ෂක ලේකම් ලියම් ෆොක්ස් මීට පෙර පෞද්ගලික සංචාරයක් සඳහා ශී‍්‍ර ලංකාවට පැමිණීමට නියමිතව තිබුණ ද ඔහුගේ ගල්ෆ් කලාපීය සංචාරයේ කාලය දීර්ඝ වීම හේතුවෙන් ශී‍්‍ර ලංකා සංචාරය කල් දැමුණු බව වාර්තා වේ. නමුත් ඇතැම් වාර්තා පෙන්වා දුන්නේ රාජපක්ෂ ආණ්ඩුව විසින් සිදු කළයි කියන යුධ අපරාධ පිළිබඳ කරණය සැලකිල්ලට ගෙන හෙතම තම සංචාරය අත්හැර බවයි.
Post a Comment