By
Sri Lanka Guardian
•
December 21, 2010
•
columnists
feature
•
ලොක්කගේ පින්තුරෙයි මගේ පින්තුරේයි එක සමාන විශාලත්වයකින් සහ සමාන්තරව දැමිය යුතු බවත්, ලොක්කගේ පින්තුරයට වඩා තමන්ගේ පින්තුරය ප්‍රසන්න ගතියකින් යුක්ත වීම වඩාත් වැදගත් බවත්, ජාතික නිදහස් පෙරමුණේ නායකයා සේම වත්මන් ආණ්ඩුවේ " මාරාන්තික" උපවසකාර ඇමති වරයා වන විමල් වීරවංශ නියෝග කොට ඇති බව, එම පක්ෂයට සම්බන්ධ යැයි සඳහන් කරමින් ජීවන්ත යන නමින් හැඳින්වූ අයෙක් අප වෙත එවූ විද්‍යුත් පණිවිඩයක සඳහන් වේ. මෙහි ලොක්කා ලෙස හැඳින්වෙන්නේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාය. ජනාධිපතිගේ රුව විශාල කොට දමා අනෙක් අයගේ රුව තරමක් කුඩා කොට තැබීම සාමාන්‍ය සම්ප්රදාය වී ඇත. කෙසේ වෙතත් අප වෙත තොරතුරු එවූ අදාල පුද්ගලයාගේ නම ප්‍රසිද්ධ කිරීම ගැටලුවක් නොමැති බව අවදාරණය කර ඇති එහි වැඩි දුරටත් සඳහන් වන්නේ, අදාළ ඇමති වරයා ඌරගේ මාළු ඌරාගෙ පිටේ තබාම කැපීම තම සම්ප්රදාය බව විමල් වීරවංශ බොහෝ අවස්ථා වලදී කියා ඇති බවයි.
පසුගියදා පැවති උළෙලකදී තම රුව සහ ජනාධිපතිවරයාගේ රුව සහිත බැනරයක් ප්‍රසිද්ධ කළ අයුරු
තමන්ගේ නිල වෙබ් අඩවියේ රාජපක්ෂගේ රුව සහ තමන්ගේ රුව ප්‍රසිද්ධ කර ඇති අයුරු
Post a Comment