බ්‍රිතාන්‍යයේ උද්ගත වූ අනපේක්ෂිත තත්වය මඟ හැරීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ හදිසියේ කොළඹට පැමිණීමට නියමිත බව, කටුනායක ගුවන් තොටුපල ආරංචි මාර්ග මීට සුළු වෙලාවකට පෙර ලංකා ගාර්ඩියන් වෙත පැවසුවේය. කෙසේ වෙතත් අදාළ කාරණය ගැන තවමත් නිල තොරතුරක් අනාවරණය නොවේ. නමුත් රාජපක්ෂ තවත් දින කිහිපයක් ලන්ඩන් හි සිටියහොත් ඔහුව අත්අඩංගුවට ගැනීමේ සියලු අවශ්‍යතා සම්පුර්ණ කිරීමට එනම් ඔහුට එරෙහි යුධ අපරාධ සම්බන්ධයෙන් සියලු නීතිමය අවශ්‍යතා සැපිරීමට නියමිත වන හෙයින් බ්‍රිතානයෙන් පලා යෑම සඳහා උපදෙස් ලැබී ඇත.
මේ අතර තවත් නිල නොලත් ආරංචි මාර්ගයක සඳහන් වූයේ ජනාධිපති රාජපක්ෂ පවතින තත්වය මඟ හැරීම සඳහා වෙනත් රටකට ගොස් ඉන් පසු දිවයිනට පැමිණීමට නියමිත බවයි. ඒ සඳහා තමන්ට හිතවත් රටක නායකයින් සමඟ කතා කරන්නැයි රාජපක්ෂ ජනාධිපතිවරයා උපදෙස් දුන් බවද සඳහන් වේ.
Home MahindaRajapaksa ජනාධිපති මහින්ද හදිසි ගුවන් යානයකින් කොළඹට?
ජනාධිපති මහින්ද හදිසි ගුවන් යානයකින් කොළඹට?
By Sri Lanka Guardian • December 02, 2010 • Breakingnews MahindaRajapaksa • Comments : 0
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment