කුමාරසේන ඉලංගකෝන්
සතුන් දඩයම් කිරීම සඳහා බඳිනු ලබන වෙඩි කඳකට පියා වෙඩි බෙහෙත් කොටමින් සිටියදී අත්වැරදීමකින් වෙඩිල්ල පත්තුවීම හේතුවෙන් ඒ දෙස බලා සිටි සය හැවිරිදි දියණිය එම ස්ථානයේදීම මිය යැමේ ශෝකජනක පුවතක් ඊයේ (02 වැනිදා) මහගල්කඩවල ප්‍රදේශයෙන් වාර්තා විය.
මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ ගල්ගමුව මහගල්කඩවල පදිංචිව සිටින රසාරා දෙව්මිණි නමැති පාසල් දැරියකි. ඇය උඳුරුවකන්ද පාසලේ පළමු වසරේ අධ්‍යාපනය හදාරමින් සිටියහ. ඊයේ දහවල් පාසැල් නිමවී නිවසට පැමිණ තම පියා විසින් සිදුකරනු ලැබූ සතුන් දඩයම් කිරීමේ කඳට බෙහෙත් පිරවීමේ ක්‍රියාව දෙස බලා සිටියදී වෙඩිල්ල පත්තුවීමෙන් මෙම අනතුර සිදුව තිබේ .
දැරියගේ බඩ සහ හිස ප්‍රදේශයට සිදු වූ තුවාල හේතුවෙන් මෙම දියණිය එම ස්ථානයේදීම මියගොස් ඇත.
සිද්ධිය සම්බන්ධ යෙන් ගල්ගමුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලැබේ. ඊයේ දහවල් සිද්ධිය වූ ස්ථානයේදී මහෙස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වීමට නියමිතව තිබුණි.
Post a Comment