කතු වැකිය : අසිරිමත් නත්තලේ ප්‍රථම පුරවැසියා අමතමි.


හර්ෂි සි. පෙරේරා විසිනි


ඔබේ නත්තල් පණිවිඩය බොහෝදේ සිතන්නටත් එදෙස නිල් පැහැති කණ්නාඩියකින් නොබල්ලන්ටත් මාව මෙහෙයවන ලදි. මෙසේ ස්වාධිනව බැලිමට මා පුරුදු කළ මගේ ගුරු බවතුන් මම මේ අවස්ථාවේ ආදරයෙන් සිහිපත් කරමි.

ඔබ දිළින්දන් සහ ළමයින්ගේ සුබසිද්ධියට මෙහිදි විශේෂයෙන් අවධානය යොමුකර ඇත. ළමුන් ගැන ඔබේ සදහන නැවත නැවතත් මතකයට නගන්නකි. එනමි උතුරේ අවතැන් කදවුරු වල සිටින ළමුන්ය. මාධ්‍යය වාර්තා අනුව මේවායේ ඇතැමි පිරිමි ළමුන් මෙහෙකාරකමටත් ඇතමි ගැහැනු ළමුන් ගිණිකා සේවයටත් විකුණන බව දැන ගන්නට ලැබේ. ද ඇකඩමික් වෙබි අඩවිය වාර්තා කළ ආකාරයට මේ පිළිබද චෝදනා එල්ල වන්නේ ඔබේ ආණ්ඩුවට සමිබන්ධ කරුණා පාර්ශවයට සහ සෙසු දෙමළ කණ්ඩායමි වලටය.

පහත උපුටා ගැනිම ඔබේ අසිරිමත් නත්තල් දා පණිවිඩයෙනි.

ජේසු සමිඳුන් දේශනා කළේ මාගේ නාමයෙන් දරුවකු පිළිගන්නා තැනැත්තා මා පිළිගන්නේ ය” යනුවෙනි

එසේම මෙම නත්තලේ දී ද සතුටේ සොම්නසේ පණිවිඩය කුඩා දරුවන්ගේ හදවත වෙත අප ලං කළ යුතු යග නත්තල සමරා ජේසු සමිඳුන්ගේ සාමයල දයාව වෙත අපට ළංවිය හැක්කේ එසේ කිරීමෙනිග ඔබ සැමට සාමයල සතුටල සොම්නස සපිරි සුබ නත්තලක් වේවා යි මම ප්‍රාර්ථනා කරමු.

උතුරේ සහ නැගෙනහිර සංචාරයක නිරතවු මගේ ඥාතියෙක් ප්‍රකාශ කළේ එහි සංවර්ධන කටයුතු හොදින් සිදුවන බවය. එමෙන්ම හමිබන්තොටින් ඇසෙන්නේද එවැනිම පුවතකි. මා ජිවත්වන ප්‍රදේශයේද පාරවල් ටික හොදට කාපටි කරමින් තිබේ. එහෙත් දිළින්දන්ගේ ජිවිත පමණක් නොව මධ්‍යයම පන්තිකයින්ගේ ජිවිතද අහස උසට ඉහළ යන බඩු මිළ විසින් අසරණ කොට ඇත.

පහත උපුටා ගැනිමද ඔබේ අසිරිමත් නත්තල් දා පණිවිඩයෙනි.

සියලු ජාතීන් අතර සාමයත්ල දිළින්දන් වෙත කරුණාවත්ල දයාවත් පැතිරවීම අසිරිමත් නත්තල සැමරීමෙන් සිදු විය යුතු යැයි නත්තල නිමිත්තෙන් සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයිග

සංවර්ධනය පමණක් ප්‍රමාණවත් නැත. මානව හිමිකමි, නිදහස. නීතියේ ආධිපත්‍යය නොමැතිව සිදුවන සංවර්ධනය හරියට මොටර් රථයක් රොද දෙකකින් ධාවනය විම හා සමානය. අසිරිමත් නත්තලේ 1988 /89 කාලවල දකුණේ භිෂණ සමයේ ඔබ මානව හිමිකමි කඩවිමි වලදි දැක්වු උනන්දුව යළිදු සිහිපත් වේ. නැවත නැවතත් අද වැනි සුබදවසක ඔබට මතක් කර දෙන්නේ සංවර්ධනය හා මානව හිමිකමි යනු එකම කාසියේ දෙපැත්ත බවයි.

Tell a Friend