පොල් ගස්‌ කැපීම වහාම තහනම් වේ

සිරිමන්ත රත්නසේකර

වහාම ක්‍රියාත්මක වන පරිදි පොල් ගස්‌ කැපීම තහනම් කිරීමට රජය ඊයේ (20) තීරණය කළේය. ඒ පිළිබඳව වූ අති විශේෂ ගැසට්‌ පත්‍රය ඊයේ (20 වැනිදා) රජයේ මුද්‍රණාලයට යෑවූ බව පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන ඇමැති ඒ. පී. ජගත් පුෂ්පකුමාර මහතා පැවැසීය.

1971 අංක 41 දරන පොල් සංවර්ධන පනතට අනුව එම තීරණය ගත් බවත් මින් ඉදිරියට පොල් ගස්‌ කැපීම සඳහා පොල් වගා කිරීමේ මණ්‌ඩලයේ ප්‍රාදේශීය කළමනාකරුගෙන් අවසරය ලබා ගත යුතු බවත් ඇමැතිවරයා පැවැසීය. ඉදිරියේදී ඇතිවිය හැකි පොල් නිෂ්පාදනයේ දුෂ්කරතා මඟහැරවීම සඳහා රජය මෙම තීරණය ගත් බවත් හෙතෙම පැවැසීය.


Tell a Friend