මිනිහගේ නම දැම්මොත් මිනිහගෙන් විසුමක් වෙන්නේ නැහැ - කීර්තී වර්ණකුලසූරිය (දිවයිනේ කැට්ලොක් රයිටර්)

උපුටා ගැනීම: ලංකා නිව්ස් වෙබ් 


මේ දිනවල තමන්ගේ ආරක්ෂක කොලම යැයි නම් කොට ඇති කෝලම සම්පුර්ණයෙන්ම මඩ ගැසීම සඳහා වෙන් කර ඇති දිවයින පුවත්පතේ කාලාන්තරයක් තිස්සේ වෙන තැනකට යා නොහැකිව ලැගුම් ගෙන සිටින කීර්ති වර්ණකුලසූරිය මේ දිනවල ශ්‍රී ලංකා ගාර්ඩියන් කතෘ නිලන්ත ඉලංගමුව මහතා සහ ලංකා නිව්ස් වෙබ් කතෘ චන්දිම විතානාරච්චි මහතා ඉලක්ක කර ගනිමින් ගෙන යන මඩ ප්‍රචාර ගැන එම පුවත් පතේ අය අසා ඇත්තේ ඔයා එච්චර වීරයෙක්නම් ඇයි නම් දාලා කෙලින්ම ලියන්න බැරි කියාය. එවිට හෙතම කියා ඇත්තේ අපෝ ඔය යකාගේ නම දැම්මොත් මට විසුමක් වෙන්නේ නැහැ, කියාය.

කීර්ති වර්ණකුලසූරිය මේ දිනවල තමන් සේවය කරන පුවත්පතට සහ විමල් වීරවංශගේ කොන්ඩම් වෙබ් අඩවියට ලියන අතර එහිදී ඔහු කිසිඳු සාක්ෂියක් නොමැතිව අයාලේ යන සත්වයෙකු සේ හැසිරෙමින් මහා ජාතික වීරයෙකු වීමට යන්ත දැරීම සඳහා ද්‍රෝහින් ලෙස නම් කොට අදාල කතුවරුන්ට පහර දෙමින් මාතෘභූමිය ගැන ලිවීමට පුරුදු වී සිටියි.

එම පුවත්පත් ආයතනයේම සේවය කරන මාධ්‍යවේදීන්ට අනුව කීර්ති වරණකුලසූරිය හැදින්වෙන්නේ කැට්ලොක් රයිටර් යන නමිනි. එනම් ඔහු එකළ පුරුදුව සිටියේ ලෝකයේ ප්‍රධානපෙලේ අවි යුධ නිෂ්පාදන ගැන වාර්තා කරන වෙබ් අඩවි වල පලවෙන මුලික තොරතුරු සිංහලයට පරිවර්තනය කොට එය පිළිබඳ විශේෂඥයෙකු සේ කතා කිරීමය. කීර්තිගේ අදාළ ලිපිය වෙන් වූයේ එවැනි මුලික දත්ත ඇතුලත් වෙබ් අඩවි කිහිපයකටය.

එසේම ඔහු විසින් ලියන කිසිවක් එම පුවත් පතේ සිටින පිරිස් මෙන්ම ආරක්ෂක අංශ වල කිසිවෙකුගේ සැලකිල්ලකට බඳුන් වන්නේ නැත. මේ වන විට ඔහු තමන්ගේ තැටිය මාරු කරමින් කිසිඳු සාක්ෂියක් නොමැතිව නිලන්ත ඉලංගමුව මහතා ඉලක්කය කරගෙන ඔහුට ප්‍රහාර එල්ල කරමින් සිටින්නේ තම කැට්ලොක් වෘත්තියෙන් මදක් වෙනස් වෙමිනි.

කීර්ති වරණකුලසූරියගේ මෙම මඩ ප්‍රචාරය ගැන අප වෙත අදහස් දැක්වූ නිලන්ත ඉලංගමුව මහතා කියා සිටියේ, කිර්ති වැනි අයෙක්ගෙන් ඊට වැඩි දෙයක් බලාපොරොත්තු විය නොහැකි බවයි. එසේම අදාළ චෝදනා සම්පුර්ණයෙන්ම ප්‍රතික්ෂේප කළ ඔහු එය හැදින්වූයේ, 'utter rubbish' ලෙසය.

Tell a Friend