වීරවංශගේ " කොන්ඩම්" පක්ෂය දෙකට කැඩෙන ලකුණු

ජවිපෙන් එලවා දැමූ සහ මේවනවිට රාජපක්ෂ ආණ්ඩුවේ අමාත්‍යදූරයක් දරණ වීමල් වීරවංශ විසින් නායකත්වය දෙන ජාතික නිදහස් පෙරමුණ තුළ යළිත් මත ගැටුමක් නිර්මාණය වී ඇතැයි එම පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. මෙවර එම මත ගැටුම ඇති වී තිබෙන්නේ එම පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ සහ එහි පාර්ලිමේන්තු මන්ති‍්‍ර අචල ජාගොඩ අතරයි. පසුගිය මහ මැතිවරණයේදී කොළඹ දිස්ති‍්‍රක්කයෙන් තරග කළ අමාත්‍ය විමල් වීරවංශට සහාය දැක්වූ එම පෙරමුණේ ආසන සංවිධායකයින් කිහිප දෙනෙකු ඉවත් කිරීම මෙම මත ගැටුමට හේතුව බව එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ප‍්‍රකාශයෙකු මාධ්‍යට ප්‍රකාශ කළේය.

මේ වනවිට අචල ජාගොඩ මන්ති‍්‍රවරයා පක්ෂයේ කටයුතුවලින් ඉවත්ව සිටින බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ. මීට පෙර ජාතික නිදහස් පෙරමුණේ නායකත්වය සමග ඇති වූ මතගැටුම් හේතුවෙන් එහි ප‍්‍රධාන ලේකම්වරයා ලෙස කටයුතු කළ නන්දන ගුණතිලක එම පක්ෂයෙන් ඉවත් විය. එමෙන්ම ජාතික නිදහස් පෙරමුණේ සංවිධායක ලෙස කටයුතු කළ කමල් දේශපි‍්‍රය ද ජාතික නිදහස් පෙරමුණින් ඉවත් වූයේ මෙවැනි ම මත ගැටුමක් හේතුවෙනුයි. දැනට ජාතික නිදහස් පෙරමුණේ සංවිධායක ලේකම් ලෙස කටයුතු කරන අචල ජාගොඩ මන්ති‍්‍රවරයාගෙන් මේ සම්බන්ධයෙන් විමසීමක් කල විට ඔහු කියා සිටියේ මේ සම්බන්ධයෙන් දැනට කිසිවක් තමන්ට ප‍්‍රකාශ කළ නොහැකි බවයි. ඉදිරියේදී මේ පිළිබඳව ප‍්‍රකාශයක් සිදු කිරිමට කටයුතු කරන බවයි මන්ති‍්‍රවරයා කියා සිටියේ.

මේ අතර එම පක්ෂයේ සාමාජිකයෙකු වන ටෙලි නාට්‍ය නළු රොජර් සෙනෙවිරත්න පක්ෂය ඇත හැරීමට තීරණය කල විට ඔහුට වාහනයක් ලබා දීමට කටයුතු කළ එහි නායකයා තමන් හැර නොයන්නැයි ආයාචනය කොට ඇති වාර්තා වේ. Tell a Friend