කොටි සංවිධානය "මහින්ද චින්තන" ලේබලය අලවා ගෙන, කැලෑ ඇඳුම මත සාටකය දමාගෙන සිටින තත්ත්වය හමුවේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා එක්සත් ජාතික පක්ෂය කොටින්ට උදව් කරන්නේ යෑයි ඇඟිල්ල දිගු කිරීමෙන් ඵලක් නැති බව එක්සත් ජාතික පක්ෂ නායක සහ විපක්ෂ නායක රනිල් වික්රමසිංහ මහතා පෙරේදා (16 දා) කැලණියේ දී පැවසීය.
කැලණිය එක්සත් ජාතික පක්ෂ සංවිධායක බෙවන් පෙරේරා මහතාගේ නිවසේ දී පැවැති එජාප බල මණ්ඩල රැස්වීමේ දී වැඩිදුරටත් කතා කළ රනිල් වික්රමසිංහ මහතා මෙසේ ද කීය.
"වේලුපිල්ලේ ප්රභාකරන් යුද්ධයට ගොස් යුද්ධයෙන් පරාජයට පත් වුණා. ඊට පසුව එල්.ටී.ටී.ඊ. සංවිධානයේ නායකත්වයට පත් වූයේ කුමරන් පද්මනාදන් නොහොත් කේ. පී. යි. එල්.ටී.ටී.ඊ. සංවිධානයේ නායකත්වය ගත් කේ. පී. අවි ආයුධ බිම තබන්නැයි නියෝග කොට ශ්රී ලංකාවට පැමිණ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට සහයෝගය දෙනවා යෑයි කියා සිටියා. යුද්ධයෙන් ඵලක් නොවන බව දෙමළ ජනතාවට කියා සිටි කේ.පී. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට සහයෝගය දෙනවා යෑයි ප්රකාශ කොට එතුමාට උතුර දියුණු කිරීම සඳහා විදේශීය දෙමළ ජනතාවගෙන් මුදල් ලබා ගැනීමට සංවිධානයක් ද ස්ථාපිත කළා.
ඒ අනුව එල්.ටී.ටී.ඊ, සංවිධානය සහ එහි වත්මන් නායක කුමරන් පද්මනාදන් සම්පූර්ණයෙන්ම සහාය දෙන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාටයි. එමෙන්ම ඊ.පී.ඩී.පී. සංවිධානය ද මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට සහාය දෙන අතර ඒ අය උතුරේ වැඩ කරන්නේ ඔහු වෙනුවෙනුයි. මේ සියලු පාර්ශ්වයන් "මහින්ද චින්තනය" අගය කරනවා විනා ගරහන්නේ නැහැ.
එල්.ටී.ටී.ඊ. සංවිධානයේ සහ ඊ.පී.ඩී.පී. සංවිධානය අතර ඇති වෙනස වන්නේ ඊ.පී.ඩී.පී. සංවිධානයේ මන්ත්රීවරුන් පාර්ලිමේන්තුව නියෝජනය කිරීමයි. එල්.ටී.ටී.ඊ. සංවිධානයට මන්ත්රීවරුන් නැතත් කුමරන් පද්මනාදන් රජ ගෙදර සිටිනවා.
එල්.ටී.ටී.ඊ. සංවිධානය සහ ඊ.පී.ඩී.පී. සංවිධානය ද නිල් බළකාය ද විවිධ සංවිධාන කටයුතු කරමින් මුදල් ඒකරාශී කරමින් ආණ්ඩුවට සහ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට උදව් කරන තත්ත්වය හමුවේ නිල් බළකාය සහ එල්.ටී.ටී.ඊ. සංවිධානය අතර තිබෙන වෙනස කුමක්ද?
තත්ත්වය මෙසේ තිබියදී මේ අය එක්සත් ජාතික පක්ෂයට එල්.ටී.ටී.ඊ. ලේබලය ගසා ජනතාව මුලා කරන්නේ ඇයි? කොටි සංවිධානය "මහින්ද චින්තන" ලේබලය අලවා ගෙන, කැලෑ ඇඳුම මත සාටකය දමාගෙන සිටින තත්ත්වය හමුවේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා එක්සත් ජාතික පක්ෂය කොටින්ට උදව් කරන්නේ යයි ඇඟිල්ල දිගු කිරීමෙන් ඵලක් නැහැ."
Home Politics කොටි සංවිධානයේ කේ. පී. රජගෙදර තියාගෙන ජනපති එජාපයට චෝදනා කිරීමෙන් ඵලක් නෑ!
කොටි සංවිධානයේ කේ. පී. රජගෙදර තියාගෙන ජනපති එජාපයට චෝදනා කිරීමෙන් ඵලක් නෑ!
By Sri Lanka Guardian • December 18, 2010 • interviews news Politics • Comments : 0
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment