මේ නෙයියාඩගමි නටන්නේ අනාගත රජුන් සමගයි.


හර්ෂි සි. පෙරේරා


අපි ළමුන් සමිබන්ධයෙන් නොකරන දෙයක් නැත. අද දවසේ ළමුන් හෙට දවසේ රජවරුය. අනාගත රජුන් නීතිය හා මානව හිමිකමි වලට ගරු කරන ආරක්ෂා කරන ප්‍රවර්ධනය කරන පාලකයින් බවට පත් කිරිමේ මුල්ගල අධ්‍යාපනයයි.

අපේ රටේ අධ්‍යාපනයට ආණ්ඩුවෙන් වෙන් කරනු ලබන ප්‍රතිපාදන කිසිසේත්ම ප්‍රමාණවත් නැත. තවත් ෙඛදවාචකයක් වන්නේ පාසල් පද්ධතිය තුළ පුලුල්ව පැතිර ගිය හිංසනයයි. අනෙක් කරුණ අධ්‍යාපන පරිපාලනය තුළ පවතින්නා වු අකාර්යක්ෂමතාව නොසැලකිල්ල සහ දුෂණයයි. වසර ගණනාවක සිට පාසල් ළමුන්ගේ විභාග කඩඉමි වලදි විශේෂයෙන් අපොස සාපෙළ සහ උසස් පෙළ විභාග වලදි නොයෙකුත් අක්‍රමිකතාවයන් සිදුවිය. ඒ අතර නොබොදා ශ්‍රී ලංකා ගාඩියන් වෙබි අඩවියේ මෙසේ සදහන් විය.

දැන් පැවැත්වෙන අපොස සා.පෙළ විභාගයේ බුද්ධාගම ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සැපයීමට පැමිණි සිසුවකුගේ විභාග ප්‍රවේශ පත්‍රයේ කොටසක්‌ මීයන් විසින් අනුභව කිරීම හේතුවක්‌ කරගෙන එම සිසුවා ආපසු හරවා යවා ඔහුගේ අනාගතය සුන් කරන ලදි.

අධ්‍යාපන ක්ෂේත්‍රයේ සිදුවන සියල්ල ගැන පුවත් පත් වෙබි අඩවි කොපමණ කතා කළත් වගකිවයුත්තන් අන්ධය. ගොලුය. බිහිරිය. ඒ මක්නිසාදයත්,

අත්තනගල්ලේ රුග්ගහවිල කහටෝවිට අල්බද්‍රියා මහ විදුහලේදී අපොස සාමාන්‍ය පෙළ විද්‍යාව 1 විභාගයට අපේක්ෂකයින් 144 දෙනකු සිටියත් ලැබී තිබුනේ ප්‍රශ්න පත්‍ර 44 කි. ඉතිරි ප්‍රශ්න පත්‍ර සියය දොම්පේ ඕවිටිගම විභාග මධ්‍යස්ථානයට යවා තුබු හෙයින් එම ප්‍රශ්න පත්‍ර ගෙන්වා විභාගය ඇරැඹීමට පැය එක හමාරක් ගතවිය.

දැන් පෙළ ගැසෙන්නට කාලයයි. හඩක් නගන්නට කාලයයි. සෑබෑ සුබවාදි වෙනසක් ඇති කරන්නට කාලයයි. මෙි සියල්ල සිදුවුවහොත් පමණක් අනාගත රජුන් ජනතාවට වගකියන සෘජු අංවක පිරිසක් වනු ඇත.


Tell a Friend