CIA - ISI අතර සීතල යුද්ධයක්: පකිස්ථානයේ සි.අයි .ඒ. ලොක්කා පැන ගනියි

කරීම් ඛාන් තම නීතිවේදියා සමඟ පුවත්පත් සාකච්චාවට සහභාගී වූ අයුරු

තමන්ගේ තොරතුරු හෙළිවීමෙන් පසු සහ ඔහුට එරෙහිව නඩු පැවරීම සඳහා කටයුතු සූදානම් කොට ඇති වටපිටාවෙන් බේරීම සඳහා සි.අයි.ඒ. ප්‍රධානියා ලෙස පකිස්ථානයේ ඉස්ලාමාබාද් මුලස්ථානයේ සේවය කළ ප්‍රධානියා එරටින් පලා ගොස් ඇතැයි ලැබෙන අලුත්ම වාර්තා සඳහන් කරයි. හෙතමට තමන්ගේ තොරතුරු මාධ්‍ය මඟින් හෙළි වීමත් සමඟ මරණ තර්ජන රැසක් තමන්ගේ දුරකතනයට ලැබුණු බවත් පකිස්ථානය මෙහිදී ද්විත්ව රංගනයක නිරත වන බවත් සඳහන් කොට ඇත. එසේම ආදාල සිදු වීම දෙරටේ බුද්ධි ගනුදෙනු වල තීරණාත්මක කඩඉමක් ලෙස සඳහන් වේ.

සි.අයි.ඒ. සංවිධානයේ ප්‍රධානියාගේ තොරතුරු හෙළිකර ඇත්තේ පකිස්ථානයේ බුද්ධි අංශය වන අයි.එස්.අයි. විසින් බවත් එයට හේතුව තම සංවිධානය ඉන්දියාවේ මුම්බායි නුවර කළ ත්‍රස්ත ප්‍රහාරය සඳහා අනුබල දීම ඇමෙරිකාව විසින් හෙළි කිරීම බව සඳහන් වේ.

කෙසේ වෙතත් කරීම් ඛාන් නමැති ජනමාධ්‍යවේදියාගේ පුතා සහ සහෝදරයා සි.අයි.ඒ. ඩ්‍රෝන් ප්‍රහාරයකින් මරාදැමීමට විත්තිකරු කරමින් පකිස්ථානයේ සිටින සි.අයි.ඒ ප්‍රධානියාට එරෙහිව ඉස්ලාමාබාද් නුවර පොලිසියේ පැමිණිල්ලක් ගොනු කොට ඇත. කරීම් ඛාන්ගේ නීතිවේදියා සඳහන් කොට ඇත්තේ තමන්ගේ සේවාදායකයාට වෙනුවෙන් නඩු මඟට බැසීම සූදානම් බවයි.


Tell a Friend