උණ වමනය රෝගී තත්ත්වයට ප්‍රතිකාර ලබා ගැනීමට බදුරලිය රෝහලට ඇතුළත් කර සිටියදී මියගිය පාසල් ශිෂ්‍යාවගේ හදිසි මරණය සම්බන්ධයෙන් පැවති පශ්චාත් මරණ පරීක්ෂණයේ දී විවෘත තීන්දුවක් ප්‍රකාශ කොට සිරුරේ කොටස් හා ලේ සාම්පල් රජයේ රස පරීක්ෂකවරයා වෙත යැවීමට පියවර ගෙන තිබේ.
බදුරලිය ලත්පදුර පන්තිමුල්ලේ පදිංචිව සිටි දහනව හැවිරිදි කේ. ඩී. කල්හාරි පාසල් ශිෂ්‍යාව මෙසේ හදිසියේ මියගොස් ඇත.
බදුරලිය ප්‍රදේශයේ හදිසි මරණ පරීක්ෂක එච්. සී. ගුණසේකර මහතා විසින් බදුරලිය රෝහලේදී මරණ පරීක්ෂණය පවත්වන ලදී.
මියගිය ශිෂ්‍යාවට රෝහලේ දී උවටැන් කළ පොතුවිලගේ පද්මසීලි මහත්මිය මෙසේ සාක්කි දුන්නාය. මියගොස් ඇත්තේ මගේ ඥාති දුවක් ඇයගේ අම්මා අසනීප වෙලා නාගොඩ රෝහලේ ප්‍රතිකාර ලැබුවා මම ඇයට උපස්ථාන කරලා සනීප නිසා ගෙදර ආවා.
එවිට මට කීවා දුව අසනීප වෙලා බදුරලිය රෝහලේ නතර කළා ටිකක් අමාරුයි එයා ළඟ නවතින්න කියලා මම රෝහලට ආවා ඇයට උපස්ථාන කළා.
දුවගේ රෝගී තත්ත්වය උස්සන්න වුණා ඇඳේ දඟලන්න පටන් ගත්තා මම වාට්ටුවේ සිටිය මිසීලට කීවා දුවට අමාරුයි කියලා. දුවට අමාරු වෙන කොට රාත්‍රී 7.30 විතර ඇති රාත්‍රී 9 විතර වෛද්‍යවරියක් ඇවිත් ටිකක් එහායින් ඉඳගෙන ළමයාට නිව්මෝනියාව වගේ නාගොඩ යවන්න පහසුකම් නැහැ ඔයගොල්ලෝ කැමැත්තෙන් අත්සන් කරලා අරන් යන්න කීවා.
රාත්‍රීයේ තවත් අමාරු වුණා කෙදිරිගාමින් දඟලන්න වුණා. මම දුරකථනයෙන් නිවෙසට දැනුම් දුන්නා වහාම එන්න කියලා.
ළමයාගේ පියා හා සහෝදරයා ආවා ඇවිත් ළමයාට අමාරු නිසා නාගොඩ ගෙනියන්න ඕනෑ කීවා මිසී ඇවිත් අස්සන් කරලා අරන් යන්න කීවා ඒ ලියුම් හදන්න වෙලාවක් ගත වුණා පියා ඇඟට අත තියලා දුවට සීතල බව කීවා. එවිට වෛද්‍යවරියක් ඇවිත් පරීක්ෂා කරලා ඇය මියගොස් ඇති බව ච්වා.
මේ ළමයාට කඩිනමින් ප්‍රතිකාර ලැබුණේ් නැහැ හරියට සැලකුවේ නැහැ. වහාම නාගොඩ රෝහලට ගෙන ගියා නම් ජීවිතය බේරාගන්න තිබුණා.
මියගිය ශිෂ්‍යාවගේ පියා වන කේ. ඩී. ලයනල් යන අය මෙසේ පැවැසීය. රාත්‍රී අපට දුරකථන පණිවිඩයක් ලැබුණා දුවට අමාරුයි කියලා මමත් පුතාත් වහාම රෝහල වෙත ආවා. දුව අමාරුවෙන් දඟලමින් කෙඳිරිගාමින් සිටියා. ටික ෙවිලාවක් ගත වුණා මම දුව ළඟට ගිහිල්ලා බලන විට ඇඟ සීතල වෙලා තිබුණා ඒ වෙලාවේ වෛද්‍යවරියක් ඇවිත් ඇයව පරීක්ෂා කොට මියගොස් ඇති බව කීවා.
මට මේ වෙලාවේ දැඩි වේදනාවක් ඇති වුණා නිසි ලෙස ප්‍රතිකාර ලැබිලා නැහැ කඩිනමින් නාගොඩ රෝහලට ගෙනියන්න ලැබුණේ නැහැ. මගේ දුවගේ ජීවිතය අකාලයේ විනාශ වුණා.
නාගොඩ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි එල්. බී. එච්. ප්‍රනාන්දු මහතා පශ්චාත් මරණ පරීක්ෂණ පවත්වා විවෘත තීන්දුවක් ප්‍රකාශ කළේය.
Home feature මගේ දුව මැරුණේ නිසි ප්‍රතිකාර නොදීමෙන්- කල්හාරිගේ පියා
මගේ දුව මැරුණේ නිසි ප්‍රතිකාර නොදීමෙන්- කල්හාරිගේ පියා
By Sri Lanka Guardian • December 21, 2010 • feature • Comments : 0
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment