කේම්බ්‍රිජ් පෙදෙසේ පිහිටි විපක්ෂ නායක නිල නිවසේ මෙම සාකච්ඡා පැවැතුන බවද එම ආරංචි පවසයි. එහි ප්‍රතිඵලයක් ලෙස එජාපයේ හිටපු සභාපතිවරයෙක් සජිත් ප්‍රේමදාස පිළට මේ යෝජනාව ඊයේ (14) දා ඉදිරිපත් කර ඇතැයිද එම ආරංචි මාර්ග සඳහන් කරයි.
එජාප ප්‍රතිසංවිධානයට අනුකූලව ඉදිරි දින 120ක් ඇතුළත පක්ෂ නායක නියෝජ්‍ය නායක, උප නායක, සභාපති හා ජාතික සංවිධායක යන තනතුරු පහ සඳහා සම්මුතියෙන් හෝ ඡන්දයෙන් හෝ සුදුස්සන් තෝරා ගත යුතු බැවින්, එහිදී පක්ෂ නායකත්වය නිතරඟයෙන් වික්‍රමසිංහ මහතාට ලබා දෙන්නැයි ද ඉල්ලීමක් කර තිබේ.
එසේම සජිත් ප්‍රේමදාස මහතාට පක්ෂ නියෝජ්‍ය නායක ධුරය ලබා ගන්නා ලෙසද එහිදී යෝජනා කර ඇති බවත් දැන ගැනීමට ඇත. එජාප ප්‍රතිසංවිධාන කණ්ඩායම මෙතෙක් මේ පිළිබඳ ප්‍රතිචාරයක් දක්වා නැතැයිද දැන ගැනීමට තිබේ.
Post a Comment